*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

මේක වැට් බද්දක් නෙවෙයි දූෂිතයන් රකින බද්දක් – විපක්ෂ නායක සජිත් (VIDEO)

මේ වන විට ක්‍රියාත්මක වැට් බද්ද සැබවින්ම වැට් බද්දක් නොව දූෂණ බද්දක් බවත් දූෂිත පාලකයන් විසින් සෑම අංශයකින්ම හොරකම් සිදු කළ පසු රට බංකොලොත් වූ බවත් ඒ බංකොලොත් භාවය තුළ දූෂිතයන්ගෙන් එම මුදල් නැවත අය කර ගන්නවා වෙනුවට දූෂිතයන් ආරක්ෂා කරමින් රටට අහිමි වූ මුදල් ජනතාව පීඩාවට පත් කර ලබා ගන්නා බවත් එම නිසා මෙම වැට් බද්ද දූෂිත බද්දක් ලෙස හැදින්විය හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහනේ 62 වැනි අදියර යටතේ මිනුවන්ගොඩ නැදගමුව කණිෂ්ඨ විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට අද එකවෙමිනි.

ජනපති පොහොට්ටුවේ රූකඩයක්

එහි දී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ වර්තමාන ජනාධිපතිවරයා විසින් දුෂිතයන් ආරක්ෂා කරන්නෙ ඔහු දුෂිතයන්ගේ ඡන්දයෙන් පත් වූ නිසා බවත් ඒ නිසා ඔහුට පොහොට්ටුවේ 134 කියන ආකාරයට රෑකඩයක් ලෙස නැටීමට සිදුවන බවත් පැවසීය.

ජනාධිපති කන්නෙම දිරච්ච ලනු

ජනාධිපතිවරයා මේ දිනවල දිරච්ච ලනු කන බවත් රතු මුහුදේ හූති කණ්ඩායමේ ප්‍රහාර නිසා අපේ රටේ බඩු මිල වැඩි වන නිසා මෙරට නාවික හමුදාව යොදවා රු මි. 250ක් වියදම් කර එම හූති සටන් කාමීන්ට විරුද්ධව සටන් කළ යුතු බව පැවසූ බවත් ලෝකයේ දියුණු රටවල් තිබියදී මේ බංකොලොත් රට එවැනි දෙයක් සිදු කරන්න පෙළඹෙන්නේ ඇයිද කියා පුදුම සහගත බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දරුවනට දිිවා ආහාරයක් දී ගන්න බැරි බඩු මිල අඩු කරන්න බැරි රජය, හූතීන්ව මෙල්ල කරන්න මිලියන 250ක් වියදම් කර ඇති බවත් රට බංකොලොත් වී තිබියදී ප්‍රමුඛ විය යුතු දේවල් කොතෙකුත් තිබුණත් ජනාධිපතිවරයා අවධානය යොමු කර ඇත්තේ වෙනත් දෙයකට බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අපි වරදාන වරප්‍රසාද වලට එකතු වෙන්නේ නැහැ

තවද සමගි ජන බලවේග සන්ධානයට විවිධ පර්ශ්ව ඇතුළත් කර ගන්නේ කිසිදු වරප්‍රසාද වරදාන ලබා නොදී බවත් සමගි ජන බලවේගය එසේ මුදල් හෝ වරප්‍රසාද ලබා නොදෙන බවත් කිසිදු කොන්දේසියක් නොමැති බවත් සමගි ජන බලවේගය සතු මුදල් භාවිත කරන්නේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය දියුණු කිරීමට බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

පුරවැසියන්ගේ ආයු කාලය අඩුවන පාලනයක් මේක

මේ වන විට රට පාලනය වන්නේ පුරවැසියන්ගේ ආයු කලය අඩුවන ආකාරයට බවත් රටේ අගය අඩු කරන ගමන් ආයු කාලය අඩු වන ආකාරයට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වෙන නායකයෝ වගේ වැඩ කරන්න තමා බලය නොඉල්ලන බවත් බලය ලැබෙන්නටත් පෙර සිටම කිසිදු කොමිස් මුදලක් නොගෙන රටේ සෞඛ්‍ය සහ අධ්‍යාපනය වෙනුවෙන් සුවිශාල වැඩ කොටසක් තමා ඉටු කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එසේම රට නීතිය හරියට ක්‍රියාත්මක වන්නේ නම් රටේ ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගන්නා පුද්ගලයන් අත්අඩංගුවට ගෙන එම ව්‍යාපාරිකයන් ආරක්ෂා කර ඔවුන්ගේ සහයෝගය ඇතිව පාසල් පද්ධතිය දියුණු කල හැකි වුවත් එවැන්නක් රට තුළ සිදු නොවන බවත් සමගි ජන බලවේග රජයක් තුළ එවැනි නෛතික ප්‍රතිපාදන ඇති කර ව්‍යාපාරිකයන් ආරක්ෂා කර ඔවුන්ගේ සහයෝගයෙන් පාසල් දියුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 62ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 592ක් වැය කර තිබේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan