පවතින යෙන් ණය ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකාව තවදුරටත් ජපන් සහය පතයි!

Date:

සටහන – නිපුනි ලියනගේ

ජනවාරි 08,
කොළඹ (LNW):ජපන් – ශ්‍රී ලංකා ආර්ථික සහයෝගිතා ප්‍රතිපත්ති සංවාදය 2024 ජනවාරි 05 වැනි දින කොළඹ මුදල් අමාත්‍යාංශයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාව සඳහා වන ජපානයේ මෑතකාලීන ආධාර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ඇතුළු පුළුල් පරාසයක මුල පිරීම් හරහා විහිදෙන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.

ජපාන ශ්‍රී ලංකා ආර්ථික සහයෝගිතා ප්‍රතිපත්ති සංවාදයේදී මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන විවිධ සාර්ව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ තත්ත්වය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පැහැදිලි කළේය.

IMF වැඩසටහන හා සම්බන්ධ දැනට ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ සඳහා තාක්ෂණික සහ මූල්‍ය ආධාර සමඟින් තවදුරටත් ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා පවතින යෙන් ණය ව්‍යාපෘති ඇතුළුව ජපන් රජයෙන් අනාගත සහයෝගීතාව ඔහු ඉල්ලා සිටියේය.

දැනට ක්‍රියාත්මක වන ව්‍යවස්ථාදායක සහ ආයතනික ක්‍රියාමාර්ග ගණනාවකට අනුගත වන පාලනය සම්බන්ධ ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම ලේකම්වරයා නැවත අවධාරණය කළේය.

ඊට ප්‍රතිචාර වශයෙන්, ජපානයේ ජාත්‍යන්තර සහයෝගිතා කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් Endo Kazuya, ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ශ්‍රී ලංකාව ගන්නා උත්සාහයන් අගය කරන ලදී.

අධ්‍යක්ෂ ජනරාල් Endo Kazuya, නිල ණය හිමියන්ගේ කමිටුව (OCC) සහ ශ්‍රී ලංකා රජය අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමක් (MoU) ඉක්මනින් අවසන් කිරීමේ වැදගත්කම මෙන්ම ණය හිමියන් සමඟ ගිවිසුම්වල විනිවිදභාවය සහතික කිරීමේ අවශ්‍යතාවය නැවත අවධාරණය කළේය.

මෙම සංවාදය පැවතියේ ජපානයේ අරමුදල් සහිත ව්‍යාපෘති වලට අදාළ කරුණු ගවේෂණය කිරීම සහ ජපානය සහ ශ්‍රී ලංකාව අතර ඉදිරි ආර්ථික සහයෝගීතාව පිළිබඳ කරුණු හුවමාරු කර ගැනීම සඳහා ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...