ඇමති කංචන,ලංවිම,PUCSL වගඋත්තරකරුවන් කරමින් සමඟිය ශ්‍රේෂ්ඨාධිකරණට යයි!

Date:

කොළඹ LNW:ලංකා විදුලි බල මණ්ඩලය විසින් පසුගිය මාස කිහිපය තුළ අධික ලාභයක් ලැබුවද ජනතාව එම සහනය ලබා නොදෙමින් මහජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව පවසමින් සමඟි ජන බලවේගය අද (08) ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොණු කරන ලදී.

‘මහජන බාරය’ යන මූලධර්මය යටතේ ලක්ෂ සංඛ්‍යාත විදුලි පාරිභෝගිකයන්ගේ අයිතීන් සුරක්ෂා කිරීම උදෙසා මහජන උපයෝගීතා කොමිසම, ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, එම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. ඩී. යූ. කේ. මාපා පතිරණ සහ නීතිපතිවරයා වගඋත්තරකරුවන් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතිඥ ෆර්මාන් කාසිම් මහතා මෙම පෙත්සම ඉදිරිපත් කළේය.

විදුලි බල මණ්ඩලය පසුගිය මාස කිහිපය තුළ රුපියල් බිලියන 52ක විශාල ලාභයක් ලබා ගෙන ඇති බවයි එම පෙත්සම මඟින් පෙන්වා දී ඇත.

ඒ අනුව ඇස්තමේන්තුගත ජල විදුලි ජනනය ගිගාවොට් පැය 3750 සිට 4510 දක්වා ඉක්මවා යාමත් විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 400කින් අඩු වීම නිසා රුපියල් බිලියන 26ක් සහ විදුලි ඒකකයක මිල සියයට 18කින් වැඩි කිරීම නිසා රුපියල් බිලියන 26ක් බැගින් රුපියල් බිලියන 52ක් විදුලි බල මණ්ඩලය ලාබ ලබා ඇති මේ මොහොතේ එම ලාභය රටේ විදුලි පාරිභෝගිකයන්ට සහනයක් ලෙස ලබා නොදී තවදුරටත් විදුලි පාරිභෝගිකයන්, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ඇතුළු සමස්ත ජනතාවම පීඩාවට පත් කරමින් කටයුතු කිරීමට එරෙහිව මෙම පෙත්සම ගොනු කර තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැතිසබේට නෑගම් ආ නයා ….

පාරලිමේන්තුවේ කතානාදතුමාගේ කාර්යාලයට ගිය පාරලිමේන්තු සේවකයෙක් එකපාරටම ගල්ගැහුනේ ජනේලය...

හැදෙන ගස්

නිශ්මං රණසිංහ නොවැම්බර් 21, කොළඹ LNW: අවුරුදු 15 න් පහළ...

ඔබාමාගේ මැතිවරණ ව්‍යාපාරයට කරන ලද නීති විරෝධී පරිත්‍යාග හේතුවෙන් ෆියුගීස් රැප් ගායක ප්‍රාස්ට වසර 14 ක සිර දඬුවමක් නියම කෙරේ,

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ග්‍රැමී සම්මානලාභී...

ගෝල්ෆේස් අරගලය මර්දනය කළේ ප්‍රජාතන්ත්‍රවාදීවයි. අරගලයේ ඉල්ලීම් තුනම දුන්නා – රනිල්

සටහන - රුවන් නෙළුගොල්ල 2022 වසරේදී තමන්ගේ පාලනය තුළ ගෝල්ෆේස්...