*
Friday, May 3, 2024
spot_img

Latest Posts

සජබෙ ආසන සංවිධායක ධුරයක් ලබා ගැනීමට කිසිදු අදහසක් නැහැ – දයාසිරි

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 08 කොළඹ (LNW): තමා සමඟි ජන බලවේගයේ සාමාජිකත්වය ලබාගෙන ආසන සංවිධායක ධුරයක් ලබා ගැනීමට කිසිදු අදහසක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කියා සිටී.

ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් පුළුල් සන්ධානයක් ගොඩ නඟන්නේ නම් ඒ වටා එක්වීමේ ගැටලුවක් නැතැයි මන්ත්‍රීවරයා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය අහෝසි කිරීම හේතුවෙන් තමා ස්වාධීන පුද්ගලයෙක් බවද ඒ සම්බන්ධයෙන් තමා නඩු පවරා තිබෙන බවද හෙතෙම පවසයි.

පරමාදර්ශි දේශපාලන ව්‍යාපාරයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ආරම්භ කිරීම වෙනුවෙන් පසුගියදා පැවැති උත්සවයට සහභාගි වෙමින්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මේ බව සඳහන් කළේය.

එම ජාතික ව්‍යාපාරය දේශපාලන පක්ෂ 18ක සහභාගිත්වයෙන් ආරම්භ කර ඇත.

එහි සභාපතීත්වය දරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan