සේවක විරෝධය නොතකා ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීම ගැන ඇමති අදත් සාකච්ජාවක!

Date:

කොළඹ LNW:ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිලිවෙල ගැන අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් අදත් අමාත්‍යාංශයේ දී සාකච්ජාවක් පවත්වා තිබුණි.

ඒ,ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ දකුණු ආසියානු දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ සහ එහි ශ්‍රී ලංකාවේ ප්‍රධාන නියෝජිතවරයා සහ තවත් නියෝජිතයන් පිරිසක් සමඟිනි.

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ මූල්‍ය ආධාර මත ක්‍රියාත්මක කරන මෙරට බලශක්ති ව්‍යාපෘති සම්බන්ධව සහ විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය, ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ සහයෝගය මත පවත්වාගෙන යන විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්‍යාංශය ගැන මෙන්ම කාලගුණික අනාවැකි මත උපකල්පන සහ බලශක්ති කාර්‍යාංශමතා වැඩසටහන් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර ඇත.

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය විසින් විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්‍යාංශය පවත්වාගෙන යාමට දක්වන සහයෝගය සම්බන්ධයෙන් ඇමතිවරයා සිය ස්තූතිය ද එහිදී පළකර තිබුණි.

ඉදිරි ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු සදහාද බලශක්ති කාර්යක්ෂමතා වැඩසටහන්, ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු වලට අවශ්‍ය තාක්ෂණික සහය, නව බලශක්ති ව්‍යාපෘති වල ඇගයීම් කටයුතු, විදුලිබල සම්ප්‍රේෂණය සදහා වන යටිතල පහසුකම් මෙන්ම තවත් තෝරාගත් ව්‍යාපෘතිය සදහා ඔවුන්ගේ දායකත්වය බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා තවදුරටත් දන්වා ඇත්තේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ බොරු එළියට ගන්න මන්ත්‍රීවරු 300කට පවරලා!

කොළඹ LNW: ආණ්ඩුවේ බොරු එළියට ගෙන සමාජගත කිරීම සඳහා...

මලල ක්‍රීඩා නිලවරණය කල්දැමීම ගැන සහ සමස්ත ක්‍රීඩාවේ ගමන ගැන…

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: මලල ක්‍රීඩා සංගමය වෙනස් කිරීමේ...

අල්ලස් කොමිසමෙන් නඩු වැටෙන පළමු මාලිමා ඇමති – ඉංජිනේරු කුමාර ජයකොඩි

ජාතික ජන බලවේගයේ අමාත්‍යවරයෙකු එරෙහිව අල්ලස් නඩුවක්. 2015 වසරේ පොහොර...

කාශ්මීරයේ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව අඛණ්ඩව ඉහළට!

රෂිකා හෙන්නායක අගෝස්තු 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වන විට...