*
Friday, May 17, 2024
spot_img

Latest Posts

රාජ්‍ය ඇමති සියඹලාපිටියට වද දෙන බදු දැල!

කොළඹ LNW:ආදායම් බදු ගෙවිය හැකි පුද්ගලයන් ලක්ෂ 10 ක ප්‍රමාණයක් මෙරට සිටියත් බදු ගෙවීම සිදු කරන්නේ ලක්ෂ 5ක තරම් ප්‍රමාණයක් පමණක් බැවින් වක්‍ර බදු අඩුකර සෘජු බදු අනුපාතය ඉහළ නංවා ගැනීමට නම් මෙම බදු ගෙවීම පැහැර හැර සිටින ලක්ෂ 5ක පමණ වන පිරිස ද බදු දැල තුළට ගෙන ඒමට අවශ්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (08) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

බදු ගෙවන්නෙකු යනු රටක ස්ථාවරත්වයකට පත්වූ ශක්තිමත් පුරවැසියකුය යන්න දියුණු රටවල පිළිගැනීම බව රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේය.

මෙරට ජනතාවද එවැනි ආකල්පමය වෙනසක් ඇති කර ගැනීම රටේ සංවර්ධනය සඳහා ඉවහල් වන බවයි හෙතෙම පැවසුවේ.

මේ අතර TIN අංකය ක්‍රියාත්මක කිරීම පෙබරවාරි මස පළමු වන දා සිට ආරම්භ කිරීමට සූදානමක් පවතින බවද රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේය.

2019 වසරේ අවසානය වන විට 1,705,233ක්ව පැවති බදු ලිපිගොනු ප්‍රමාණය 2022 වර්ෂය අවසානය වන විට 437,547ක් දක්වා අඩු වුණා. අප රජයේ නව ප්‍රතිපත්ති සමඟ 2023 වර්ෂයේ දෙසැම්බර් 31 වනදා වන විට එම බදු ලිපි ගොනු ප්‍රමාණය 1,002,029ක් දක්වා යළි වැඩිකර ගැනීමට හැකි වී තිබෙනවා. එම ප්‍රමාණය අප තවත් වර්ධනය කර ගත යුතුයි.

ඒ වගේම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 08% ක්ව පැවති රාජ්‍ය ආදායම පසුගිය වසර අවසානය වන විට 10% දක්වා වැඩි කර ගැනීමට හැකියාව ලැබුණා. එය 2024 අවසානය වන විට 12%ක් දක්වා තවදුරටත් වැඩිකර ගැනීම අපගේ අරමුණයි. යම් ආකාරයක ස්ථාවර ආර්ථිකයක් පවතින රටක් බවට පත්වීම සඳහා 2025 වර්ෂය වන විට 15% ක් දක්වා වැඩිකර ගැනීම අප අපේක්ෂා කරනවා.

ඒ වගේම වැට් බද්ද සඳහා ද සංශෝධන කිහිපයක් සිදු වෙනවා. මෙතෙක් 15% ක්ව පැවති වැට් බදු අනුපාතය 18%ක් දක්වා ඉහළ දමා තිබෙනවා. රුපියල් මිලියන 80 පැවති වැට් බදු සීමාව ද රුපියල් මිලියන 60ක් දක්වා ගෙන එනවා. වැට් බදු පනත 2001 වසරේ හඳුන්වා දෙන අවස්ථාවේ පැවති සියලුම භාණ්ඩ සහ සේවා වැට් බද්දට යටත් වුණා. ඉන් සීමිත ප්‍රමාණයක් බදු සංශෝධන පනත් සමඟ නිදහස් කිරීම සිදුවුණා. එලෙස නිදහස් කළ භාණ්ඩ හා සේවා 138කින් 97ක් පමණ යළි එකතු කිරීමක් සංශෝධනයේදී සිදුකර තිබෙනවා.

වැට් බදු සංශෝධනය කිරීම තුළ පොදුවේ දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව, ප්‍රතිශතයක් ලෙස 2.07%ක් රාජ්‍ය ආදායමට එකතු වන බවට අප විශ්වාස කරනවා. එය රුපියල් වශයෙන් බිලියන 645ක ප්‍රමාණයක්. එම බදු අනුපාත වැඩිවීමත් සමඟ උද්ධමනය 2.5%ක ප්‍රමාණයකින් වැඩි වන බව මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අංශය විසින් විශ්ලේෂණය කර තිබෙනවා. විදුලි බිල අඩුවීමත් සමග මාස දෙක, තුනක් ඇතුළත උද්ධමනය 5%ක අනුපාතයට යළි රැගෙන යා හැකි බවට මහ බැංකුවට සහ මුදල් අමාත්‍යාංශයට විශ්වාසයක් තිබෙනවා.

5% ක උද්ධමන අනුපාතයක පවත්වාගෙන යාමට අප උත්සාහ කරන්නේ, 70%ක උද්ධමනයක් පැවති රටක් බව සියලු දෙනාට සිහිපත් කළ යුතුයි. ඒ වගේම මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේ වුවත් රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීම සහ විශ්‍රාමික දීමනා වැඩි කිරීමට රජය කටයුතු කළ බවද සිහිපත් කළ යුතුයි. මෙය අපගේ මූල්‍ය කළමනාකරණ හැකියාවේ සුවිශේෂී ලක්ෂණයක් වනවා.

ඒ වගේම අද වන විට සෘජු බදු 30% ක් ලෙසත් වක්‍ර බදු 70%ක් ලෙස තිබෙනවා. අප මෙම බදු අනුපාතය වෙනස් කරමින් සෘජු බදු අනුපාතය 40%ක් බවට ගෙන ඒම අපගේ ඉලක්කයයි. එය ලෝකයේ දියුණු රටක තත්ත්වය වන අතර එය සමාජ සාධාරණය ද වන බව කිව යුතුයි. බදු ගෙවිය හැකි ශක්තිමත් පුද්ගලයින් දස ලක්ෂයක් සිටින නමුත් දැනට බදු ගෙවන්නේ එම පිරිසෙන් ලක්ෂ 05ක් පමණයි. ඒ නිසා බදු පැහැර හරින්නන් අප හඳුනාගෙන ඔවුන් බදු දැල තුළට ගෙන ආ යුතුයි. එවිට වක්‍ර බදු අඩුකරලිය හැකියි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan