උතුරු දුම්රිය මාර්ග සංවර්ධන කටයුතු ඇරඹේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 08 කොළඹ (LNW): ටමෙරට ප්‍රධාන දුම්රිය මාර්ග වලින් එකක් වන උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට ඕමන්ත දක්වා උතුරු දුම්රිය මාර්ග පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන මහව සිට අනුරාධපුර දක්වා දුම්රිය මාර්ගයේ පුනරුත්ථාපන කටයුතු ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන්ගේ සහභාගිත්වයෙන් ගල්ගමුව දුම්රිය ස්ථාන පරිශ්‍රයේදී සිදු කෙරිණි.

මෙහි ඉදිකිරීම් සිදුකරනු ලබන්නේ ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳව මධ්‍යම උපදේශක කාර්යාංශයේ උපදේශක සේවාවන් යටතේ, ඉන්දියානු ඉර්කෝන් ජාත්‍යන්තර සමාගම මගිනි.

සමස්ත ව්‍යාපෘතියේ ගිවිසුම් වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 91.27ක්‌ (රු. මිලියන 30,000)වේ. කි. මී.128 ක දුරක් ආවරණය වන මෙම දැවැන්ත ව්‍යාපෘතියේ සමස්ථ ඉදිකිරීම් මෙම වසරේ ජූලි මස 06 වනදා අවසන් කිරීමට නියමිත වුවත්, අමාත්‍ය ආචර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ විශේෂ ඉල්ලීම පරිදි පොසොන් පෝය නිමිති කරගනිමින් ජුනි මස 15 වන දින වැඩ අවසන් කර දුම්රිය දෙපාර්තමේන්තුව වෙත භාර දීමට ඉදිකිරීම් භාරව කටයුතු කරන ජාත්‍යන්තර සමාගම එකඟතාවය පළ කර තිබේ.

සමස්ත ව්‍යාපෘතියේ දෙවන අදියර ලෙස ක්‍රියාත්මක වන මහව සිට අනුරාධපුරය දක්වා කොටස යටතේ කිලෝමීටර් 65 ක දුරක්, පැයට කිලෝමීටර් 100ක වේගයෙන් ධාවනය කළ හැකි පරිදි නවීකරණය කිරීමට නියමිත වේ.

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ශ්‍රී සන්තෝෂ් ජා මහතා, ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලයේ ප්‍රථම ලේකම් ඉරිනා ටාකූර් මහත්මිය, ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් රූබසිංහ මහතා, දුම්රිය සාමාන්‍යාධිකාරී එච්. එම්. කේ. ඩබ්. බණ්ඩාර මහතා, දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන්, ඉදිකිරීම් භාරව කටයුතු කරන ඉන්දීය ඉර්කොන් සමාගමේ නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...

ලාෆ්ස් ගෑස් මිල ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක...

වසරේ පළමු දවසේම වෙඩිතැබීමක් – එක් අයෙකු මරුට. දෙදෙනෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේදී ඊයේ...