*
Tuesday, May 7, 2024
spot_img

Latest Posts

දොළවත්තගේ යෝජනාව ගැන අධිකරණ ඇමති නිහඬ ඇයි? මානව හිමිකම් කොමිසම ප්‍රශ්න කරයි!

සංස්කාරක (LGBTIQ)

ජනවාරි 08, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ විවිධ ලිංගික අනන්‍යතා ඇති ප්‍රජාවගේ මානව හිමිකම් උල්ලංඝනය කරන දණ්ඩ නීති සංග්‍රහයේ අන්තර්ගත ඇතැම් වගන්ති සංශෝධනය කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පා.ම. ප්‍රේම්නාත් දොළවත්ත මහතා විසින් ඉදිරිපත්කළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව සැලකිල්ලට ගැනීමට අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා අසමත් වීම පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සිය අවධානය යොමුකර තිබේ.

වැඩිහිටියන් අතර ස්වකැමැත්තෙන් සිදුවන සමරිසි ලිංගික සබඳතා සාපරාධීකරණය කිරීමට නිතර යොදාගැනෙන ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365අ වගන්ති එම ප්‍රජාවන්ට අගතියක් ඇති නොවන පරිදි සංශෝධනය කිරීම සඳහා දොළවත්ත මන්ත්‍රීවරයා විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබුවේ ඉකුත් අප්‍රේල් මස ය.

මෙම යෝජනාව ඉකුත් දෙසැම්බර් 13 වන දින පාර්ලිමේන්තුවේ දෙවනවර කියවීම සිදුවූ අතර, මෙතෙක් අධිකරණ අමාත්‍යවරයා ඊට අදාළව දණ්ඩ නීති සංග්‍රහයට ප්‍රතිසංස්කරණ එක්කිරීම පිළිබඳව නිල අදහසක් ප්‍රකාශයට පත්කර නැත.

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා මෙම යෝජනාවට සහාය පළ කිරීමට අසමත් වීම ප්‍රශ්න කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව එම අමාත්‍යවරයා වෙත ලිපියක් යොමුකර ඇති බව වාර්තා වේ.

විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තියට (ICCPR) අත්සන් තැබූ පාර්ශවකරුවකු ලෙස මෙන්ම, විවිධ අවස්ථාවන්හී දී (2014, 2017, 2019 සහ 2022) එකී අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට රජය බැඳී සිටින බවට ප්‍රතිඥා දී තිබෙන රටක් ලෙස ශ්‍රී ලංකාව බැඳී සිටින බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සිය ලිපිය තුළින් අධිකරණ අමාත්‍යවරයාට සිහිපත් කර සිටියි.

එවන් පසුබිමක් තුළ, මෙම පනත් කෙටුම්පත බලාත්මක කිරීම සඳහා සහයෝගය ලබා දෙන මෙන් හා එම ක්‍රියාවලිය කඩිනම් කරන මෙන් කොමිෂන් සභාව අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියි.

දොළවත්ත මන්ත්‍රීවරයා ඉදිරිපත්කළ යෝජනාව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්වූ අතර, එසේ අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකිරීමට කටයුතු කර තිබුණේ ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන ධාරාව වෙනුවෙන් කැපවී සිටින පිරිසක් විසින් වීම විශේෂත්වයකි.

වැඩිහිටියන් අතර ස්වකැමැත්තෙන් සිදුවන සමරිසි ලිංගික සබඳතා නිර්සාපරාධීකරණය කිරීම තුළින්, “දරුවන් ලිංගික අපයෝජනයට ලක්වන්නේ, නීතියේ ආධිපත්‍යයට හානි සිදුවන්නේ, එච්අයිවී/ඒඩ්ස් තත්ත්වවල ඉහළ යාමක් සිදුවන්නේ, සහ එය බෞද්ධ හා ආගමික මූලධර්ම සමඟ ගැටෙන බවට විශ්වාස කෙරෙන්නේ” යැයි මෙකී පාර්ශව විසින් තර්ක ගොඩනඟා තිබූ අතර, එකී සියලු තර්ක බැහැර කරමින් ඓතිහාසික විනිශ්චයක් ලබා දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර සිටියේ, වැඩිහිටියන් අතර ස්වකැමැත්තෙන් සිදුවන සම්මුතිගත සමරිසි ලිංගික ක්‍රියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය නොකරන බවත්, සමරිසි ලිංගික සබඳතා නිර්සාපරාධීකරණය (decriminalisation) කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ සරල බහුතරයක් මඟින් සම්මතකොට නීතියක් ලෙස බලාත්මකකළ හැකි බවත්, පෞරාණික සදාචාරයන් මත පදනම්ව වැඩිහිටියන් අතර සම්මුතිගතව පවතින සබඳතාවලට දඬුවම් පැමිණවීම මානව ගරුත්වය, සහ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව තුළින් සුරක්ෂිතකර තිබෙන පුරවැසියන්ගේ අයිතිවාසිකම් පහත හෙළන බවත් ය.

සෑම පුරවැසියකුටම සමාන අයිතිවාසිකම් පවතින බව සහ සෑම පුද්ගලයකුම නීතිය ඉදිරියේ සමාන සහ නීතියේ සමාන ආරක්ෂාව ලබන බවට ශ්‍රී ලංකාව විසින් තහවුරු කරන්නේ නම්, උක්ත නීති ප්‍රතිසංස්කරණ බලාත්මක කිරීම අත්‍යාවශ්‍ය කරුණක්වන බැවින්, දොළවත්ත මන්ත්‍රීවරයාගේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා කුමන අන්දමේ ප්‍රතිචාරයක් දක්වන්නේ ද යන්න ප්‍රජා ක්‍රියාකාරීහු විමසිල්ලෙන් බලා සිටිති.

එකී අවධානය ප්‍රජා ක්‍රියාකාරීන් විසින් අධිකරණ අමාත්‍යවරයා වෙත යොමු කරන්නේ, 1999 වර්ෂයේ දී එවකට පුවත්පත් කවුන්සිලයේ සභාපතිවරයා ලෙස, සමරිසි කාන්තාවක වීම “පරපීඩාකාමී” (sadistic) තත්ත්වයක් යැයි හඳුන්වා, “වැලිකඩ බන්ධනාගාරයේ සිටින ලිංගික අපයෝජනවලට වරදකරුවන් වූ සිරකරුවන් නිදහස් කොට ඔවුන් ලවා සමරිසි කාන්තාවන් දූෂණයට ලක්කළ යුතු” බවට ද අයිලන්ඩ් පුවත්පතේ පළවූ ලිපියක් (P. Alles, “Lesbian Conference in Colombo?” The Island, August 20, 1999) සාධාරණීකරණයකළ, මෙකී පුවත්පත් ලිපියට එරෙහිව පැමිණිලිකළ පැමිණිලිකරු පිරිමි පුද්ගලයකු වීම මත ඔහුට එරෙහිව රු. 2,100 ක දඩයක් පමුණවා, “පැමිණිලිකරු, කිසිඳු අවස්ථාවක සමරිසි කාන්තා ක්‍රියාකාරකම් කෙරේ සහභාගී විය හැකි කාන්තාවක් නොවන අතර, අදාළ ලිපියේ සඳහන් පරිදි කිසිඳු ආකාරයක ලිංගික අපයෝජනයකට ඔහු ලක්විය නොහැකි බැවින්, ඔහු එවන් ප්‍රචණ්ඩත්වයක වින්දිතයකු විය නොහැකිය” (Sri Lanka Press Council, Judgment to Complaint no S2/99/2096, 2000) යැයි ප්‍රකාශකළ, සහ 2017 වර්ෂයේ දී එවකට ද රජයේ අධිකරණ අමාත්‍යධුරය ‍හෙබවූ තැනැත්තා ලෙස යුරෝපා සංගමයේ ජීඑස්පී+ සහනය ලබා ගැනීම සඳහා සමරිසි සබඳතා නිර්සාපරාධීකරණය කරන මෙන් යෝජනාවක් ඉදිරිපත් වූ විට “සමලිංගිකයන් යනු මානසික රෝගීන්” යැයි ප්‍රකාශකළ අතීතයක් ඔහුට තිබෙන බව ද සිහිපත් කරමිනි.  

සබැඳි පුවත්:

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan