සරම්ප එන්නත් ලබාදීම සාර්ථකයි – සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 08 කොළඹ (LNW): අද (08) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්, සරම්ප එන්නත් අමතර මාත්‍රාව ලබාදීමේ වැඩසටහනේ සියයට 83ක ප්‍රගතියක් ලබා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

එහිදී පාලිත මහීපාල මහතා කියා සිටියේ, ළමයින් 30,455ක් ආවරණය කිරීමට බලාපොරොත්තු වූ බවත් ඉන් 25,286ක් ආවරණය වී ඇති බවයි.

තවදුරටත් ඔහු පැවසූවේ , යම් යම් ප්‍රදේශවල කුඩා ළමුන්ට සෙම්ප්‍රතිශ්‍යාව, උණ සෑදීම ආදී රෝගී තත්ත්වයන් නිසා 5000ක පමණ ප්‍රමාණයක් පැමිණීමේ අඩුවක් දක්නට තිබුණු බවයි.

කෙසේ වෙතත් ප්‍රතිශක්තීකරණ වැඩපිළිවෙලට අනුගත නොවී එන්නත් අනවශ්‍ය යැයි සිතන මාස 09ත් අවුරුදු 15ත් අතර 4194 දෙනෙකු හඳුනාගත් බවත්, ඉන් 801 දෙනෙකු පසුගිය සෙනසුරාදා එන්නත් ලබාගෙන තිබුණු බවද ඔහු කියා සිටී.

ඉදිරි සති 03හි සෙනසුරාදා දිනවල ප්‍රධාන සායනවල අතිරේක සරම්ප එන්නත් මාත්‍රාව ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසා සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...

පාසල් දරුවෙකුට අමානුෂික ලෙස පහරදුන් පාසල් ගුරුවරයෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : අට ශ්‍රේණියේ ඉගෙනුම...

ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශ ප්‍රේෂණ පංගුව: ආර්ථිකයේ ගාමක බලවේගයක්ද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා ආර්ථිකයේ විශේෂ තත්ත්වයක් පෙන්නුම් කරමින්...

වනජීවී ඡායාරූපකරණයෙන් ජනතා තේරීමේ සම්මානය මෙවර කාට හිමි වේ ද?

සටහන – පුලී පෙබරවාරි 09, LNW (කොළඹ): වසරේ වනජීවී ඡායාරූප...