සරම්ප එන්නත් ලබාදීම සාර්ථකයි – සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 08 කොළඹ (LNW): අද (08) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්, සරම්ප එන්නත් අමතර මාත්‍රාව ලබාදීමේ වැඩසටහනේ සියයට 83ක ප්‍රගතියක් ලබා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

එහිදී පාලිත මහීපාල මහතා කියා සිටියේ, ළමයින් 30,455ක් ආවරණය කිරීමට බලාපොරොත්තු වූ බවත් ඉන් 25,286ක් ආවරණය වී ඇති බවයි.

තවදුරටත් ඔහු පැවසූවේ , යම් යම් ප්‍රදේශවල කුඩා ළමුන්ට සෙම්ප්‍රතිශ්‍යාව, උණ සෑදීම ආදී රෝගී තත්ත්වයන් නිසා 5000ක පමණ ප්‍රමාණයක් පැමිණීමේ අඩුවක් දක්නට තිබුණු බවයි.

කෙසේ වෙතත් ප්‍රතිශක්තීකරණ වැඩපිළිවෙලට අනුගත නොවී එන්නත් අනවශ්‍ය යැයි සිතන මාස 09ත් අවුරුදු 15ත් අතර 4194 දෙනෙකු හඳුනාගත් බවත්, ඉන් 801 දෙනෙකු පසුගිය සෙනසුරාදා එන්නත් ලබාගෙන තිබුණු බවද ඔහු කියා සිටී.

ඉදිරි සති 03හි සෙනසුරාදා දිනවල ප්‍රධාන සායනවල අතිරේක සරම්ප එන්නත් මාත්‍රාව ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසා සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මරික්කාර්ට ඇන්නවූ මුජිබර් – මුජිබර්ට ඇන්නවූ මරික්කාර් නිසා සජබට කොළඹ, කොලොන්නාව දෙකම අහිමි වෙලා ?

සමගි ජන බලවේගය ස්ථිරවම බලය අල්ලනු ඇතැයි අපේක්ෂාවෙන් සිටි...

ඊශ්‍රායලය, ඉරාන ආරක්ෂක ඒජන්සියට පහර දේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල් ගුවන් හමුදාව...

බංගලාදේශය හොඳ තැනෙක

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: බංගලාදේශය සහ ශ්‍රී ලංකාව...

රිමාන්ඩ් කළ කෙහෙළිය ඇතුළු පිරිසට බන්ධනාගාරයේ ලැබුණු තැන!

රෂිකා හෙන්නායක ජූනි 19, කොළඹ LNW : රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු...