සටහන: පුන්සරා ලියනගේ
2025 ජනවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): විනාශකාරී ලැව්ගිනි දිගින් දිගටම ලොස් ඇන්ජලීස් විනාශ කරද්දී, පැත්තක ඉද විවේචනය කිරීමට ඔබට ද මට ද හැකිය. නමුත් එහි දුක්විදින ජීවිතවලට යන කලදසාව ගැන සිතීමක් හෝ ඒ පිළිබඳ ක්‍රියාත්මක වීමක් අවැසි මොහොතක ප්‍රකෝටිපති ව්‍යාපාරික එලොන් මස්ක් කැලිෆෝනියාවේ පාරිසරික රෙගුලාසි විවේචනය කරමින්, මෙම ව්‍යසනය පහසුවෙන් වළක්වා ගත හැකි ව්‍යවසනයක් බව ප්‍රකාශ කිරීම මේ වෙලාවේ අවශ්‍ය නොවන බව ඔහු සිහි තබා ගත යුතුය.
X හි සටහනක් තබමින් ඔහු මෙම ලොස් ඇන්ජලීස් වල ලැව්ගිනි බලපෑම “පහසුවෙන් වළක්වා ගත හැකි” ව්‍යවසනයක් බව කියා සිටීම නොව මේ වේලාවේ ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වී සහනාධාර සැපයීමට මෙන්ම ඒවා බෙදාහැරීමට යුහුසුළු වන දෑ එහි සටහන් තැබීමවත් මේ මොහොතේ ඔහු කළ යුතුව ඇත. විවේචන නම් අපිට වුනත් කරන්න බැරියැ!
මීට පැය කිහිපයකට පෙර ඔහු හරි හපන්කමක් සමාජ මාධ්‍යට මුදා හරිමින් මේ වන විට එය ඉවත් කර ඇත. දැන් විවේචනය කරමින් ඔහුත් මේ ලැව්ගිනි ගැන, ලොස් ඇන්ජලීස් ගැන දුක් කරදර වනවා වගේ කරන රංඟනයට නම් ග්‍රැමී අවෝර්ඩ් එකක්වත් ලැබිය යුතුය.
ඇත්ත! සමාජ මාධ්‍ය තුළ තමන් තමන්ට ආවේණික ප්‍රොෆයිලයක් හදා ගන්නේ තමන්ට ඕන එකයි එපා එකයි දැමීමට ඇති නිදහස බුක්ති විදිමිනි.
නමුත් හතුරෙක්ට වුනත් කරදරයක් වූ විට හිතක් පපුවක් ඇති මනුස්ස පරාණයක් කවදාවත් ඊට උසුළු විසුළු කරන්නේ නැත.
ලැව්ගිනි ජාලා මැද පීඩා විදින ලොස් ඇන්ජලීස්ලා ගේ හැඬුම මස්ක්ටනම් මඟුලකි. ඔහු ලැව්ගිනි ජාලා වලට මැදිවුණු ලොස් ඇන්ජලීස් හරිම ලස්සනයි යනුවෙන් අදහස් දක්වන පෝස්ටුවක් ශෙයා කර තිබුණේ මීට පැය කිහිපයකට කලින් ය. නමුත් දැන් එය ඔහුගේ රීසයිකල් බින් හි පරිස්සමට සැගව ගොස් ඇත.
අද මස්ක්ගේ ඇත්ත ඇති සැටියෙන් X හි යම් පිරිසකට දැක ගැනීමට හැකි විය. මිනිස්සු අමනුෂ්‍යයන් වන ලෝකෙක සල්ලි බලයෙන් ලොකුකම් දාන උන්දැලා කර්මය ද විශ්වාස කළ යුතුය.
අද ඔවුන්ට වෙන විපත හෙට ඔබට විය හැකිය.
මේ කුරිරු සතුට පිටි පස්සේ ඇති කතාව නම්; කැලිෆෝනියා ප්‍රාන්තය යනු ඩිමොක්රටික් අරක්ගත් ප්‍රාන්තයක් වීමයි. 2024 නොවැම්බරයේ දී පැවති ජනාධිපතිවරණයේදී, කැලිෆෝනියා ප්‍රාන්තය 58.47% ක ප්‍රතිශතයක් ලබා ගනිමින් ඩිමොක්රටික් පක්ෂය ජයග්‍රහණය කළ අතර මස්ක් කඩේ ගිය රිපබ්ලිකන් පක්ෂයට හිමි වුණේ, 38.33% ක ප්රතිශතයකි.
එලෙස ඔවුන්ට අත් වුණු පරාජය මෙවන් විපතක් හරහා යැවීම නම් හරිම තර්ඩ් ක්ලාස් හැගීමක් දනවන සිදුවීමකි.
“මෙම ලැව්ගිනි පහසුවෙන් වළක්වා ගත හැකි නමුත් කැලිෆෝනියාවේ විකාර රෙගුලාසි, ක්‍රියාමාර්ග ගැනීම වළක්වයි, එබැවින් වසරින් වසර නිවාස ගිනිබත් වන අතර තවත් මිනිසුන් මිය යයි” යනුවෙන් මස්ක් පැවසුවේ කැලිෆෝනියාව ඇතැම් ලැව්ගිනි වැළැක්වීමේ උපක්‍රමවලින් ඉවත් වීම ගැන විවේචනය කරමින් ට්විටර් පණිවුඩයකට සිය තවත් සටහනක් එක් කරමිනි.
අසාමාන්‍ය ලෙස වියළි ශීත සෘතුවකින් පසු සැන්ටා ඇනා සුළි කුණාටු සහ වියළී ගිය ගස්වැල් මූලාරම්භය කරගත් මෙම ලැව්ගිනි තත්ත්වයන් ගොඩනැගිලි 1,000 කට අධික ප්‍රමාණයක් විනාශ කර ඇති අතර නිවැසියන් 37,000 කට අධික පිරිසක් ඉවත් කිරීමට උපදෙස් ද ලබා දී තිබේ. මේ වනවිට ජීවිත හානිද වාර්තා වී ඇති අතර තවමත් ලැවිගින්න පාලනයෙන් තොරව පවතී.
මෙවන් වාතාවරණයක මස්ක්ගේ ප්‍රකාශයන් වල පිටුපස සෙවනැල්ල වන්නේ; ලැව්ගිනි සඳහා කැලිෆෝනියාවේ පාරිසරික ප්‍රතිපත්ති සහ විශේෂයෙන් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති මත්ස්‍ය විශේෂ ආරක්ෂා කිරීම අරමුණු කරගත් ජල භාවිතය සීමා කිරීම කෙරෙහි දොස් පැවරූ වර්තමාන ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අදහස් ය.
ආණ්ඩුකාර ගැවින් නිව්සෝම් මෙලෙස විවේචනයන්ට ලක්වුණු අතර, එවැනි විවේචන සහ දේශපාලන දෝෂාරෝපණයට වඩා ක්ෂණික සහයෝගීතාවයේ අවශ්‍යතාවය ද මේ වෙලාවේ වටින බව ඔහු පෙන්වා දීය. දකුණු කැලිෆෝනියාව තවත් දරුණු ලැව්ගිනි අවදානමක් සඳහා සූදානම් වන බැවින් ගිනි නිවීමේ උත්සාහයන් සහ ජනතාව ඉවත් කිරීමේ කාර්යයන් කෙරෙහි අවධානය යොමු කරන ලෙස නිව්සෝම් මාධ්‍ය හමුවකදී තවදුරටත් අදහස් දැක්වීය.
“අපේ රට ගොඩනැගුවේ රණශූරයන් සහ ගවේෂකයන් විසිනි. අපි බටහිර ජාතීන් හීලෑ කර, ලෝක යුද්ධ දෙකක් ජයගෙන, අපේ ධජය සඳ මත මුලින්ම රෝපණය කළෙමු.”
ජනාධිපති ට්‍රම්ප්ට ඇමරිකාව ගැන මහා විශාල සිහින ඇති අතර විශාල සිහින වලට බිය වීම ඇමරිකානු ගතියක් නොවන බව ද එරට විදේශ කටයුතු අමාත්‍යාංශය ට්‍රම්ප් ගැන ගසා තිබූ පම්පෝරිය සාක්ෂි සපයයි.
ඔවුන්ගේ මානසික මට්ටමින් මස්ක් ගැන බැලුවොතින් එතන පුදුම වෙන්නත් දෙයක් නැති තරම් ය.
තනි පුද්ගලයෙක් ගේ සිතුම් පැතුම් වලට යටත්ව ඒ පාරේ ගමන් ගන්න ගොඩාක් අයගේ ඔළු වලට වෙන්නේ මේ ටිකමය.
මේ වනවිට රිපබ්ලිකානුවන් අතිශයින් අවශ්‍යව පවතින ආධාර සැපයීම කෙරෙහි අවධානය යොමු කරනවා වෙනුවට ඩිමොක්රටික් පාක්ෂිකයින්ට සහ ආණ්ඩුකාර ගැවින් නිව්සෝම්ට එරෙහිව කැරළි ගැසීමට මෙම ලැව්ගිනි තත්ත්වයන් භාවිතා කරමින් සිටී.
ලැවිගිනි අස්සෙත් අරයට වෝට් කරන්න එපා මෙයාට වෝට් කරන්න එපා කිය කියා නාහෙන් අඩන මිනිස්සු ලැයිස්තුවට මස්ක් ගිය අපූරුව ඔහුගේ මෙම හැසිරීමෙන් මනාව පෙනේ.