මේක දැන් උතුරු කොරියාව වගේ – දයාසිරි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපතිවරයා රටේ නීතිපතිවරයාව කැඳවා ඇතැම් නඩු ගැන කතා කරන තත්වයක් යටතේ රටේ නීතිපති දෙපාර්තමේන්තුවට සහ අධිකරණයට අත්වන ඉරණම කුමක්ද යන්න ප්‍රශ්නයක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

“නීතිපතිතුමාව කැඳවලා අනුර දිසානායක ජනාධිපතිතුමා. එතකොට මේ රටේ නීතිපති දෙපාර්තමේන්තුව ගෙන්නලා ජනාධිපතිතුමාට කතා කරන්න පුළුවන් නම් මේ නඩුවලට මොනවද වෙලා තියෙන්නෙ, මේවාට නඩු පවරන්න කියලා, මම දන්නෙ නෑ මේ රටේ නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණය, මේවාට අත්වෙන ඉරණම මොකක්ද කියලා. අලුත් චක්‍රලේඛයක් ගහලා තියෙනවා ජනාධිපති ලේකම්වරයා විසින් මේ ඇමතිවරුන්ට විදේශ තානාපති කෙනෙක් හම්බවෙන්න බෑ. අමාත්‍යාංශ ලේකම්වරුන්ට, ප්‍රධාන අමාත්‍යාංශවලට, ආණ්ඩුකාර ලේකම්වරුන්ට ඔක්කොටම ගහලා තියෙනවා අමාත්‍යවරු කිසිම රැස්වීමකට සම්බන්ධ වෙන්න බෑ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවසරයක් නැතිව. මේක උතුරු කොරියාව වගේ දැන්”

දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (ජනවාරි 08) පාර්ලිමේන්තුව අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත් යුරෝපා සංගම් නියෝජිත පිරිස හමුවේ රට ගොඩ නැගීමට “ණය නොවන” සැලැස්මක් යෝජනා කරයි

දිත්වා සුළි කුණාටුවෙන් පසුව ශ්‍රී ලංකාව මුහුණ දෙන දැඩි...

කථානායක ජගත්ගේ පෞද්ගලික ලේකම්ට එරෙහිවත් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ පෞද්ගලික ලේකම්...

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...