*
Thursday, January 9, 2025
spot_img

Latest Posts

සනත්මය,චමරිමය ආරම්භයකට 19 න් පහළ ක්‍රීඩිකාවන්ටත් උත්සාහ කළ හැකියි

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 09 ,(LNW)කොළඹ :

ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙන අවුරුදු 19 න් පහළ කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායම අතර පැවති විස්සයි විස්ස තරගයෙන්,බංගලාදේශ කණ්ඩායම කඩුලු 4 ක ජයක් ලබන්නට සමත් වුණා.ඒ අනුව සිව්වන තරගය ඉතිරිව තිබියදී ශ්‍රී ලංකාව 2-0 ක් ලෙස ඉදරියෙන් සිටි තරගාවලියේ ප්‍රතිපලය 2-1 ක් ලෙස වෙනස් වෙනවා.


එළැඹෙන ලෝක කුසලානයට සහභාගිවන කණ්ඩායම් අතර ඉදිරියෙන්ම සිටින කණ්ඩායමක් වීමට සියලු සුදුසුකම් ඇති අවුරුදු 19 න් පහළ කණ්ඩායමට තරගය ඇතුළත නිවැරදිම තීරණ ගැන සිතීමට සහ අභියෝගාත්මකව සම්ප්‍රදායෙන් පිට තීරණ අත්හදා බැලීමට හැකි මානසික ශක්තියත් නිර්මාණය විය යුතුව තිබෙනවා.එසේම පිතිකරණයේදී ආරම්භක පිතිකාරිණියන් අතර දැනට දකින්නට ලැබෙන ආරම්භක පිතිකාරිණියන් මත යැපෙන කාරණයෙන් පිටට සිතා එහි එක වගකීමක් මනුදි හෝ රශ්මි මත පටවා පුහුණු කළ හැකිනම්,චමරිමය හෝ සනත්මය ඉතිහාසයට සමාන වෙනසක් සිදු වීමේ බලාපොරොත්තු ද තබා ගත හැකි බවත් දැනෙනවා.

කෙසේ හෝ මේ තරගයේදී ලිමිණි තිලකරත්න සහ ප්‍රමුදි මෙත්සරා වෙනුවට කණ්ඩායමට හිරුනි හංසිකා සහ රශ්මි නේත්‍රාංජලී කැඳවා තිබුණා.පන්දුවට පහර දීමේදී ඉණිම ආරම්භයට සාර්ථක නොවූ නිලකුණු පන්දු සටහන් වැඩි කුඩා ලකුණු සංඛ්‍යාවක් ආරම්භක පිතිකරුවන් විසින් එකතු කළා.දැහැමි සෙනෙත්මා මේ තරගයේදීත් වැඩිම ලකුණු ගණන ලබමින් ලකුණු 24 ක් ලැබුවා.මනුදි නානායක්කාර ලකුණු 16 ක ලැබූ අතර රශ්මිකා සෙව්වන්දි ලකුණු 11 ක් ලබා සිටියදී දුවද්දී දැවී ගියා.


කඩුලු 6 ක් බිඳ වැටුණු තැන ආරම්භක පිකිකාරිණිය ලෙස යොදා ගෙන සාර්ථක පිළිතුරු ලබා දෙන්නට නොහැකි වූ හිරුණි හංසිකා පසුපසට පැමිණ පන්දු 19 න් ලකුණු 24 ක් නොදැවී ලබා ගත්තා.ශෂිනි ගිම්හානි පන්දු 7 දී ලකුණු 14 ක් නොදැවී ලබා ගත්තා.පන්දු ඕවර් 20 නිමාවන විට එම තත්ත්වය නිසා ලකුණු 109 ක් වූ ලකුණු පූවරුවේ දැවී ගිය කඩුලු ලෙස 6 ම සටහන් වූ අතර ශෂිනි සහ හිරුනි 7 වන කඩුල්ලට නොබිඳි ලකුණු 36 ක් එකතු කර තිබුණේ පන්දු 21 ක් තුළ දී වීමත් කැපී පෙණුනා.


පිළිතුරු ඉණිමේදී රශ්මිකා ලකුණු 17 ට බංගලාදේශ කඩුලු 2 ක් දවා ගැනීමට සමත් වුණා.ශෂිනි ගිම්හානි ලකුණු 22 ට කඩුලු 2 ක් දවා ගත්තා.කණ්ඩායමට මඳවේග පන්දු යවන්නියක් ලෙස එක් වූ රශ්මි නේත්‍රාංජලී පන්දු ඕවර් 2 තුළ ලකුණු 8 ක් පමණක් දී තිබියදී ඇයගෙන් ප්‍රයෝජන ගැනීමට නායිකා මනුදිට අමතක වීම සහ සැළකිල්ල යොමු නොකිරීමත් සමහර විට පරාජයට බලපෑවා වෙන්නට හැකියි.
කෙසේ හෝ බංගලාදේශ ඉණිමේ කඩුලු ඉදිරී බිද වැටීම වළක්වමින් සහ නිලකුනු පන්දු සඳහා ඉඩ නොදෙමින් ආරම්භක පිතිකාරිණිය ෆහෝමිදා චෝයා ලකුණු 38 ක් ලබා ගැනීමට සමත් වුණා.බගංලාදේශය පන්දුවට පහර දුන් ඉණිමේ මුල් පන්දු දෙකේදීම රශ්මිකා කඩුලු දෙකක් දවා ගෙනත්,ශ්‍රී ලංකාට ලකුණු 109 ආරක්ෂා කර ගන්නට නොහැකි වුණා.ඊට හේතුව වූයේ ෆහෝමිදා චෝයා සමඟ එක්ව සදියා ඉස්ලාම් (24) දියත් කළ ඉණිම සහ නොදැවී ලකුණු 26 ක් ලබමින් අෆියා අසීමා තරගයේ අවසාන භාගයේ දියත් කළ ඉණිමයි.


එහිදී රශ්මිකාගේ සහ රශ්මි නේත්‍රාංජලීගේ පන්දු ැවීමට සහය වෙමින් මනුදි නානායක්කාරත් පන්දු ඕවර් කිහිපයක් යවමින් තරගය ශ්‍රී ලංකාව පැත්තට ගැනීමට උත්සාහ කිරීමට ඉඩ තිබිණ.එහෙත් අවසාන පන්දු වාරයේ සිව්වන පන්දුව තෙක්ම තරගය රැඟෙන යන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.
එළැඹෙන ලෝක කුසලානයට සහභාගිවන කණ්ඩායම් අතර ඉදිරියෙන්ම සිටින කණ්ඩායමක් වීමට සියලු සුදුසුකම් ඇති අවුරුදු 19 න් පහළ කණ්ඩායමට තරගය ඇතුළත නිවැරදිම තීරණ ගැන සිතීමට සහ අභියෝගාත්මකව සම්ප්‍රදායෙන් පිට තීරණ අත්හදා බැලීමට හැකි මානසික ශක්තියත්,පිතිකරණයේ ආරම්භක පිතිකරුවන් අතර දැනට දකින්නට ලැබෙන ආරම්භක පිතිකාරිණියන් මත යැපෙන කාරණයෙන් පිටට සිතා එහි එක වගකීමක් මනුදි හෝ රශ්මි මත පටවා පුහුණු කළ හැකිනම්,චමරිමය හෝ සනත්මය ඉතිහාසයට සමාන වෙනසක් සිදු විය හැකියි.

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan