මිදී ගන වූ සිත
ලිහිල් කර යැවූ විට
නුවර වැව වුව
වලාකුළු බැම්ම ඉක්මවයි
හවස් වරු දිය කරපු
මහ තුරක් ලා ඉන්න
ඇහැළ මල් හත අටක්
සුළඟ විත්
හදිසියේ බිම හෙළයි
දෑස් ගිලගෙන ඉන්න
අපැහැදිලි අඳුර මැද
පහන් කණු දෙක තුනක්
සරදමට ඇස් අරියි
වැහි පියලි තෙත මකා
පොරි අහුරු විසික්කර
වැව බලෙන් හිනස්සන
නන් දෙසින් නන් වෙසින්
පැමිණි මහ සෙනඟ මැද
කඳු කුහර හුදෙකලා
සළු මාව වටලයි
~ නජිලා අධිකාරි
(අචිරවතියෙන් මිදුණු සිතිවිලි)