දවසින් දෙකෙන් විදුලිබිල අඩු කරනවා කියලා අපි කොහෙවත් කියලා නැහැ – විදුලිබල හා බලශක්ති ඇමති

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ (LNW):

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (09) දින පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා කියා සිටියේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළ පරිදි විදුලි බිල තුනෙන් එකකින් අඩු කිරීමට වසර තුනක් පමණ ගත වන බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

විදුලිබිල අඩු කරන එක තමා අපේ අරමුණ. දවසින් දෙකෙන් අඩු කරනවා කියලා අපි කොහෙවත් කියලා නැහැ. අපි අවුරුදු තුනක් ඇතුළත කරන්න යන්නේ. විශේෂයෙන්ම පසුගිය පාලනයන් විසින් කරන දුෂිත සහ අක්‍රමවත් පාලනයන්වල ප්‍රතිඵල ජනතාවට විඳින්න වෙලා තියෙනවා.

විදුලිබල මණ්ඩලය මිලියන 332ක ණයකින් පෙළෙනවා. අවුරුදු විස්සකට වැඩි මිලට විදුලිය ගන්න ගිවිසුම් ගහලා තියෙන්නේ. විදුලිබල මණ්ඩලයෙන් මූලික ගණනය කිරීම ලැබුණේ, සියයට 37ක් වැඩි කරන්න. අපි එහෙම තියෙන කොට තමා අපි මේ වගේ සියයට එකයි දශම ගාණට හරි ගෙනල්ලා තියෙන්නේ.

අපි කියලා තියෙන්නේ, අවුරුදු තුනක් ඇතුළත විදුලි බිල අඩු කරනවා කියලා. ඊට කලින් අඩු කරන්න අපිට අනිවාර්ය වුවමනාවක් තියෙනවා. ඒකට අවශ්‍ය සැලැසුම් සහ ක්‍රියාමාර්ග ගනිමින් පවතිනවා. මේක හොඳින් තිබිච්ච තැනක් නෙවෙයි.” ලෙස පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අමරකීර්ති ඝාතනයේ බෙදුනු නඩු තීන්දුව – සභාපති විනිසුරු සියලු විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කරලා

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාව...

Wanderlust Wednesday: සිංදු කියන මාලුවන්ගේ කසුකුසුව සොයා යන මඩකලපු සවාරිය! Discovering the Cultural Tapestry of Batticaloa Heritage District, Sri Lanka 🇱🇰

සටහන – පුලී පෙබරවාරි 11, LNW (කොළඹ): Batticaloa (දෙමළ: මට්ටක්කලප්පු; සිංහල:...

කුඩා හා මධ්‍ය පරිමාණ (SME) ව්‍යවසායක ජාලය දැඩි අර්බුදයක!

කොළඹ LNW:දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට පනස් දෙකකට (52%) දායක...

සමන් ඒකනායක යළි රිමාන්ඩ්!

කොළඹ LNW:හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක පෙබරවාරි මස 18...