දිලිත් ආණ්ඩුවේ 159 දෙනාම දණ ගස්වයි. ඇන්ටිජන් චෝදනාවත් සුදු කරගනී ! (VIDEO)

Date:

මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා අද (ජනවාරි 09) පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවට දැඩි විවේචනාත්මක ප්‍රහාරයක් එල්ල කළේය.

ආණ්ඩුව බොරු පොරොන්දු රැසක් දී බලයට පැමිණි බවත් ආදායම් – වියදම් වාර්තාවක් ජීවිතේට කොහේදී හෝ දැක ඇත්නම් ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් මේවා ඉටු කිරීමට නොහැකි පොරොන්දු ය යන්න දැන සිටිය යුතු බවත් පැවසූ ඒ මහතා ජනතාවට ඇත්ත කියමු යැයි ආණ්ඩු පක්ෂයට යෝජනා කළේය.

ජනතාව දිනෙන් දින අපේක්ෂාභංගත්වයට පත්වෙමින් සිටින අතර ඔවුන් තුළ දේශපාලන ක්‍රමය කෙරෙහි වූ විශ්වාසය බිඳවැටෙමින් පවතින බවත් දිලිත් ජයවීර මහතා පෙන්වා දුන්නේය.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙල ගැනත් අදහස් දැක්වූ ජයවීර මහතා සඳහන් කළේ ආණ්ඩුව තමන් ජනතාවට කීවේ බොරු බව අවංකව පැවසුවහොත් එය පළවෙනි ක්ලීන් ශ්‍රී ලංකා සංකල්පය වනු ඇති බවත් එසේ නොමැතිව ත්‍රීරෝද රථවල සැරසිලි ගැළවීමෙන් ඵලක් නොමැති බවත් ය.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ඔහුට දැඩි ලෙස බාධා කළ අතර එවිට දිලිත් ජයවීර මහතා ප්‍රතිචාර දැක්වූයේ මෙය කැළණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සභාව නොවන බව පවසමිනි. තමන් පාර්ලිමේන්තු පැමිණියේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් මෙන් කැන්ටිමෙන් කකා යාමට නොවන බව පැවසූ ඒ මහතා තමන් ව්‍යවසායකයකු බවත් තමන් පාර්ලිමේන්තු පැමිණියේ ජනතාවට යමක් එකතු කරදීමට බවත් සඳහන් කළේය.

ඇන්ටිජන් කට්ටල විකුණුවේ රුපියල් 1146.22 ට පමණක් බව වත්මන් සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී පිළිගත් බව පැවසූ ජයවීර මහතා එය හැන්සාඩ්ගතව ඇති බවත් මේවා රුපියල් 2500 ට, 5000 ට යනාදී වශයෙන් වැඩි මිලට විකුණුවැයි කළ චෝදනා සියල්ල එතැනින්ම අහෝසි වන බවත් ප්‍රකාශ කළේය.

නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා සහ තමන් කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ එකට අධ්‍යාපනය ලැබූ බවත් සිහිපත් කළ දිලිත් ජයවීර මහතා නිර්ධන පන්තියේ පවුලකින් පැමිණි තමන් දේශපාලනයේ නිරතවූ ආකාරය ඔහු දන්නා බවත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ බොරු එළියට ගන්න මන්ත්‍රීවරු 300කට පවරලා!

කොළඹ LNW: ආණ්ඩුවේ බොරු එළියට ගෙන සමාජගත කිරීම සඳහා...

මලල ක්‍රීඩා නිලවරණය කල්දැමීම ගැන සහ සමස්ත ක්‍රීඩාවේ ගමන ගැන…

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: මලල ක්‍රීඩා සංගමය වෙනස් කිරීමේ...

අල්ලස් කොමිසමෙන් නඩු වැටෙන පළමු මාලිමා ඇමති – ඉංජිනේරු කුමාර ජයකොඩි

ජාතික ජන බලවේගයේ අමාත්‍යවරයෙකු එරෙහිව අල්ලස් නඩුවක්. 2015 වසරේ පොහොර...

කාශ්මීරයේ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව අඛණ්ඩව ඉහළට!

රෂිකා හෙන්නායක අගෝස්තු 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වන විට...