2025 වසරේ වැඩිම මුදල් වෙන්කිරීම මුදල් සහ ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට!

ෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ (LNW):

අද (09) දින 2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර, එහිදී මේ වසරේ ජනවාරි මස 1 වනදා සිට දෙසැම්බර් මස 31 වනදා දක්වා වු කාලසීමාව සඳහා ආණ්ඩුවේ වියදම් ලෙස රු. බි. 4,616ක් ලෙස ඇස්තමේන්තු ගත කර තිබේ.

ඒ අනුව 2025 වසරේ අමාත්‍යාංශ සඳහා සිදුකර ඇති මුදල් වෙන්කිරීම් වලින් වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ මුදල් සහ ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය වෙතය. එය රුපියල් බිලියන 713කි.

ඒ අනුව අද දින ඉදිරිපත් කෙරුණු විසර්ජන පනත් කෙටුම්පතට අනුව අමාත්‍යාංශ සඳහා සම්පූර්ණ වියදම් පිළිබඳ විස්තරය පහත ආකාරයෙන් දැක්වුණි.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 8.3
මූලධන – රු. බි 5.4

මුදල් සහ ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 484
මූලධන – රු. බි 229

ආරක්ෂක අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 382
මූලධන – රු. බි 60

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 38
මූලධන – රු. බි 16

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 412
මූලධන – රු. බි 95

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 19.4
මූලධන – රු. බි 2

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 2.16
මූලධන – රු. මි 397

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 52.4
මූලධන – රු. බි 421

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 83
මූලධන – රු. බි 124

බලශක්ති අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 1
මූලධන – රු. බි 20

නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 3
මූලධන – රු. බි 98

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජාව සවිබලගැන්වීමේ අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 24
මූලධන – රු. බි 05

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 206
මූලධන – රු. බි 65

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 463
මූලධන – රු. බි 33

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 5.4
මූලධන – රු. බි 11

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 04
මූලධන – රු. බි 08

ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 6.2
මූලධන – රු. බි 5.2

පරිසර අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 12
මූලධන – රු. බි 3.5

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 14
මූලධන – රු. මි 392

ඩිජිටල් අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 6.7
මූලධන – රු. බි 6.8

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 159
මූලධන – රු. බි 16

කම්කරු අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 4.3
මූලධන – රු. බි 1.7

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය
පුනරාවර්තන – රු. බි 7.1
මූලධන – රු. බි 5

විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශය 
පුනරාවර්තන – රු. බි 2.8
මූලධන – රු. බි 2.2

මේ අතර විශේෂ වියදම් ඒකකය යටතේ පහත පරිදි වියදම් සැකසී ඇත.

ජනාධිපති 
– මෙහෙයුම් වැඩසටහන 
පුනරාවර්ථන වියදම් රු බි 2.5
මූලධන රු බි 354

– සංවර්ධන වැඩසටහන 
පුනරාවර්ථන – රු මි 20
මූලධන – රු මි 100 

අග්‍රාමාත්‍ය කාර්යාලය
– මෙහෙයුම් වැඩසටහන
පුනරාවර්ථන වියදම් රු බි 1
මූලධන රු බි 71

උපරිමාධිකරණවල විනිශ්චයකාරවරු
– මෙහෙයුම් වැඩසටහන
පුනරාවර්ථන වියදම් රු මි 451
මූලධන රු මි 30

අමාත්‍ය මණ්ඩල කාර්යාලය
– මෙහෙයුම් වැඩසටහන
පුනරාවර්ථන වියදම් රු මි 205
මූලධන රු මි 25

සම්පූර්ණ විසර්ජන පනත් කෙටුම්පත පහතින්,

Appropriation Bill (E) 20250102 Sin

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...