මුල් ළමා විය සංවර්ධනයට වැදගත් වන පෙරපාසල් සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍යයි – විපක්ෂ නායක සජිත්

සටහන – රුවන් නෙළුගොල්ල

අද වන විටත් කාලයක් පුරාවටම අප රටේ පෙරපාසල් අධ්‍යාපනය ක්‍රියාත්මක වන්නේ අවිධිමත් ලෙස හා නියාමන පද්ධතියක් හෝ ජාතික ප්‍රතිපත්තියක් නොමැතිව බවත් වානිජකරණයට ලක්විම නිසා දරුවන්ගේ අධ්‍යාපන අයිතිය උල්ලංඝනය වී ඇති බවත් ගාස්තු අවධිමත් ආකාරයට අයකිරීම නිසා දෙමව්පියන් අපහසුතාවට පත්ව ඇති බවත් ඊට අමතරව ඉගැන්වීම් කටයුතු කරන ගුරුවරියන් හා පාලිකාවන්ට ලැබෙන දීමනා ද අඩු නිසා ඒ අයට ආර්ථික රැකවරණය ද අහිමි වි ඇති නිසා බහුවිධ ප්‍රශ්න අභියෝග රැසකට මුහුණ දී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එබැවින් පෙරපාසල් සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් අනුගමනය කර පළාත් සභාවලට අවශ්‍ය ආකාරයට ප්‍රඥප්ති නිර්මාණය කිරිමට ඉඩ නොදිය යුතු බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

දරුවන්ගේ මොළයේ වර්ධනය 70%ක් සිදු වන්නේ උපතේ සිට පෙරපාසල් සමයේ වුවත් මේ මුල් ළමා විය සංවර්ධනය අප රටේ නිදහස් නිවහල් ආකාරයෙන් සිදු නොවන බවත් පැවසූ විපක්ෂ නායකවරයා පෙරපාසල් දූදරුවන්ගේ පෝෂණ මට්ටම් ගැන ජාතික වැඩසටහනක් අවශ්‍ය බවත් සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (08) පාර්ලිමේන්තුව අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...