නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW:
සුරේෂ කල්මාඩි දිවි සැරිය නිමා කර ඇත.ඒ ගැන දැන ගත්තේ මලල ක්‍රීඩා සංගමයේ හිටපු ලේකම් සමන් කුමාර ගුණවර්ධනගේ සටහනකින්ය.ඔහු ආසියානු මලල ක්‍රීඩා සංගමයේ හිටපු සභාපතිවරයෙකි.ශ්‍රී ලංකාවට බොහෝ සේ හිතවත්ව වැඩ කළ පාලකයෙකි.එසේම ඉන්දියාවේ සිටි ප්රබලතම දේශපාලන නායකයෙකි.
ශ්‍රී ලංකාවට ඔහු හිතවත්ව සහය දුන් අවස්ථා නිල වශයෙන් සඳහන් කරන්නට සමන්ගේ ලිපියේ ඉඩ වෙන් කර ඇත.මේ ඒ සහය සහ හිතවත්කමේ අතුරු කතාවක්ය.
ශ්‍රී ලංකාවට මෙවැනි හිතවත්කම් දිනා දෙන්නට ජාත්‍යන්තර වශයෙන් පොහොසත් වූ ක්‍රීඩා පරිපාලකයන් ලංකාවේ ඇත.හේමසිරි ප්‍රනාන්දු,ඩයන් ගෝමස්,රොහාන් ද සිල්වා,මනිලාල් ප්‍රනාන්දු,දොන් වික්ටර් සහ ප්‍රේමා පින්නවල ඉන් කිහිප දෙනෙකි.කල්මාඩිගේ බැදීම තහවුරු කරන සාධකය පින්නවල ය.දැනටත් මෙවැනි අය කිහිප දෙනෙකි.එහෙත් තනතුරුවලින් බැස ගිය අය මිස ඔවුන් ගැන මෙහි සඳහන් නොකරන්නට තීරණය කළෙමි.
මේ සාක්ෂිය සැපයෙන්නේ පූනේ හී පැවති යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලෙ හරහා ය.එම ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවට අතිශයින් වැදගත් එකක් විය.ඊට හේතුව ශෙහාන් අඹේපිටියගේ ගෙලට රන් පදක්කම් තුනක් වැටීමය.ඉන් දෙකක් ඔහු මීටර් 100 සහ 200 ඉසව්ව වෙනුවෙන් ලබා ගත් ඒවාය.අනික් පදක්කම ඔහු දිනුවේ රනිල් ජයවර්ධන,කීත් ද මෙල් සහ රොෂාන් චාමර සමඟ එක්ව ය.
මේ ක්‍රීඩා උළෙලට මාධ්‍ය කණ්ඩායම් පිටත්ව ගියේ කණ්ඩායම් කිහිපයකටය.මමත් දැනට ස්වර්ණවාහිනි ආයතනයේ ආගමික වැඩ සටහන් භාර ප්‍රධානියා ලෙස වැඩ කරන තරංග වික්රමාදරත් ගියේ එකටය.සුනිල් අබේවර්ධන,මංජුල බස්නායක,අමින්ද,ක්‍රිස් දබරේරා සහ සම්පත් බණ්ඩාර තව කණ්ඩායමක් ය.චතූක දිවාශන ගියේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟය.
අපට මලල ක්‍රීඩා සංගමය දන්වා තිබුණේ නවාතැන් ඉන්දියානු මලල ක්‍රීඩා සංගමය හරහා ලැබෙන බවය.ඒ කියූ ලෙස පළමු දවසේ සිටම නවාතැනක් ලැබුණේ චතූකට පමණය.ක්‍රීඩක කණ්ඩායම පිළිගැනීමට පැමිණි පිරිස් එය ලබා දී තිබිණ.මටත් තරංගටත් ශංකර්නම් වූ අප මුම්බායි සිට පූනේ දක්වා රැඟෙන ගිය කුලී රථ රියදුරා ඔහුගේ නිවසේ නවාතැන් දුන්නේය.ඔහු ඒ තරම්ම කාරුණික දුලබ මනුස්සකම් පිරි මිත්‍රයෙකු විය.ඇත්තම කාරණය අන් සියළු දෙනා රැය පහන් කර තිබුණේ පුනේ ක්‍රීඩාංගණය ඉදිරිපස පාරේ ය.
තරගාවලිය ආරම්භ වී පැය කිහිපයක් ගත වී තිබිණ. චතූක හැරෙන්නට අප කිසිවෙකුට එතැන් සිට ඉදිරි දින කිහිපය ඉන්නේ කොහොද යන්න සම්බන්ධයෙන් අදහසක් නොතිබිණ.අපට ඇතුල්වීමට තිබුණු දොරටුවෙන්ද ප්රශ්නය.එහි සිටි ආරක්ෂක අංශයේ අයට නිසි උපදෙස් ලැබී නොතිබීම හෝ වැඩ කරන්නේ කෙසේද යන්න නොදැනීම නිසා හෝ ඇතුල්වීමට නොහැකිය. ඒ අවස්ථාවේ ඩිලීමා පීටර්සන් ඇතුළත සිටිනු දකින්නට ලැබිණ.ඇය කාන්තා කන්ඩායම භාර නිලධාරිණිය විය.
මා ඩිලීමාට කෑ ගැසූ පසු ඇය පැමිණ සිද්ධිය දැන ආරක්ෂක නිලධාරින්ට පැවසූ පසු අපට දොරටු විවර විය.මම සමන් හමු වී ඇති වී තිබෙන තත්ත්වය කීවෙමි.මා සමඟ තරංගද විය.සමන් කළේ පණිවිඩය එසැණින් පින්නවලට වෙත යොමු කිරීමය.එය ඉතාම අවාසනාවන්ත තත්ත්වයකි.දින ගණනක් පහසුකම් අවම මට්ටමක ඇති වට පිටාවක නාවාතැනක් නැතුව ජීවත්වීම පහසු නැත.විශේෂයෙන් රූපවාහිණ වැඩ සඳහා ගොස් සිටි මංජුල සහ අමින්ද දැවන්ත උපකරණ සමඟ කල් ගෙවීම යනු හිතාගන්නට අපහසු දුෂ්කර තත්ත්වයකි.
කෙසේ හෝ ඒ සියල්ල දරාගෙන පැමිණි වැඩේ අපි අතපසු නොකළෙමි.දහවල් සුරේෂ් කල්මාඩි මාධ්‍ය කුටියට කඩා පාත් විය.සුනිල් අබේවර්ධන වහා පැන අපි ශ්‍රී ලංකාවේ බව පැවසුවෙමි.ඔහු අප බලාපොරොත්තුවෙන් පැමිණි ගමණක් බදුය.ඔහු ඊයේ රෑ ගෙවුණේ කෙසේද යන්න විමසීය.වැඩි පිරිසක් රැය ගෙවා තිබුණේ පාරේ බැවින් මා පැන ගස්යට බව කීමත් සමඟ ඔහුගේ ඇස් උඩ ගියේය.
ඔහු ශ්‍රී ලංකාව ගැනත්,ඔහුගේ හිත මිත්‍ර පින්නවල ගැනත් මහත් ගෞරවයෙන් කරුණු දැක්වීය.කිහිප දෙනෙකුට කතා කර වහා වහා යුහුසුළුව නවාතැන් ගැටළුව විසදීය.ඒ චතූක සිටි හෝටලයම විය.පහසුකම් හොඳන් තිබුණු ඒ හෝටලයේ නවාතැන් නොලැබුණානම් අදටත් පූනේ ගෙවුණු ඉතිරි දින කිහිපය අප කෙසේ ගෙවා ගන්නද යන්න හිතා ගන්නට අපහසුය.එහි සිටි ඇතැම් ස්වේච්ඡා මිතුරන් කීවේ එය ක්‍රීඩා උළෙලේ සංවිධානයට අදාළ නොවන සේ ඔහුගේ පෞද්ගලික දැන හැදුණුම්කම් මත අප වෙත ලබා දුන් අවස්ථාවක් බවය.
එය ඔහු දේශපාලකයෙකු ලෙස තමන්ගේ සබඳතා හරහා නොමිලේ ලබා ගත්තා වන්න ට ද පුළුවන්ය.එහෙත් වැදගත් ඔහු එම විශේෂය කළේ ලංකාවේ අයට පමණක් වීමය.පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල්වලින් පැමිණි විශාල පිරිසක් අතර ශ්‍රී ලංකාවේ හිතවත්කමට ලබා දුන් ඒ අවස්ථාව ගැන සිහිපත් කරමින් නික්ම යන මිනිසා ශ්‍රී ලංකාවට ආදරය කළ ගෞරව කළ පුද්ගලයෙකු ලෙස සිහිපත් කිරිම යුතුකමක් මෙන්ම වගකීමක්ය.
ඔහු පින්නවලගේ අතිජාත මිතුරුකමට මෙන්ම ශ්‍රී ලංකාවට විශේෂයෙන් සැළකිල්ලක් දක්වන පුද්ගලයෙකු බව හොඳින්ම දැණුනු ප්‍රායෝගික අවස්ථාව ඔහු නික්ම යන මොහොතේදී සිහිපත් කළ යුතුමය.ඔහු අපට අපේ රටට ආදරය කළ මිනිසෙක්ය.
කල්මාඩි සුව ගමන්!
ඔබට අපේ ආචාරය!

