වික්‍රම්ගෙන් හෝ වික්‍රමයක් කළ හැකිද? ශ්‍රී ලංකාවේ පිතිකරණ අසනීපය සනීප කරන්න සංගාගේ සහයකයෙක්

Date:

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW:

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ ක්‍රියාවලියේ ඇති දුර්වලතා දිගින් දිගටම දකින්නට ලැබෙන අතර ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් විවිධ තීරණ ගනිමින් ඒවා සමනය කරන්නට උත්සාහ ගනිමින් සිටියි.ප්‍රහාරක වේගය වැඩි කිරීම සඳහා ප්‍රහාරාත්මක ගුණය වර්ධනය කරන්නට විශේෂඥ පුහුණුකරුවෙකු මේ වන විටත් කණ්ඩායමට සේවය ලබා දෙන අතර ගෙවුණු තරගයේ දී ද බොහෝ පිතිකරුවන් දැවී ගියේ යාර 30 සීමාව ඉක්මවා හෝ පහර එල්ල කර ගැනීමට නොහැකිවය.තත්ත්වය එසේ තිබියදී එම පුහුණුකරුට ඉහළින් තැබිය හැති පිතිකරණයේ සියලු අං පිළිබඳ දැනුවත්, 2019 සැප්තැම්බර් සිට 2024 ජූලි දක්වා සියලුම ආකෘතීන් හරහා ඉන්දීය පිරිමි කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස සේවය කළ වික්‍රම රාතෝර් ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා පිිතිකරු පුහුණුකරු ‍ලෙස කැඳවා ඇත.


ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 6 ට සහ එක්දින තරග 7 ට ක්‍රීඩා කර ඇති වික්‍රම්ගේ ජාත්‍යන්තර තරග සහභාගීත්වයේ කාලය වසරකට පමණ (1996 – 1997) සිමා වන අතර පසුව ඔහු පුහුණුකරුවෙකු ලෙස BCCI මට්ටම 3, ක්‍රිකට් ඕස්ට්‍රේලියානු මට්ටම 3 සහ එංගලන්තය සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩල මට්ටම 1 සමත්ව ඇත. වික්‍රම් මේ වන විට කුමාර් සංගක්කාර ප්‍රධාන පුහුණුකරු සහ ක්‍රිකට් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන ඉන්දීය ප්‍රිමියර් ලීගයේ රාජස්ථාන් රෝයල්ස් සමඟ ප්‍රධාන සහකාර පුහුණුකරු ලෙස සේවය කරමින් සිටින්නේය.


විස්සයි විස්ස ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින් සිඳු කර තිබෙන වික්‍රම් රාතෝර් ගේ විශේෂ පිතිකරණ පත්වීම 2026 ජනවාරි 18 වන සිට 2026 මාර්තු 10 වන දින දක්වා ක්‍රියාත්මක වීමට නියමිතය.
ඡායාරූපයේ දැක්වෙන්නේ වික්‍රම් රාතෝර් රාහුල් ඩ්‍රාවිඩ් පුහුණුකරු ධූරය දරන සමයේ තරගයක් අතර තුර ඔහු සමඟ සිටින අයුරු දැක්වෙන ඡායාරූපයකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: උතුරු අප්‍රිකාවේ සිට ඔබේ පිඟානට ගෙන එන රසවත් කතන්දරේ!-Shakshouka, the One-Pan Wonder

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): ආයුබෝවන් ආහාර ලෝලීනි! මේ...

පැරදුණත් අනාගතයට කොළ එළි දල්වන රතු

නිශ්මං රණසිංහ ජනවාරි 13, කොළඹ LNW: කාන්තා විස්සයි විස්ස ජාතික...

ඉරානයේ පළමු මරණ දඬුවම හෙට ක්‍රියාත්මක කරයි;විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජ්‍ය විරෝධී...

හදිසියේම අප්පච්චියෙක් වුන ට්‍රම්ප්පච්චි! 

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): තුර්කියේ කාන්තාවක්, එක්සත්...