දිට්වා ආපදාව නිසා පූර්ණ හානි නිවාස වෙනුවෙන් වන්දි හා නව නිවාස ඉදිකිරීමේ සමාරම්භය අද!

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:Rebuilding Sri Lanka” වැඩපිළිවෙල යටතේ, දිට්වා සුළි කුණාටුව නිසා ඇති වූ ආපදා තත්වය හේතුවෙන් පූර්ණ වශයෙන් හානි වූ නිවාස වෙනුවෙන් වන්දි මුදල් ලබාදීමේ සහ නව නිවාස ඉදිකිරීමේ සමාරම්භක වැඩසටහන අද (09) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර හා කුරුණෑගල දිස්ත්‍රික්කයන්ට අදාළව ආරම්භ වෙයි.

මෙම වැඩසටහන යටතේ, ආපදාව හේතුවෙන් පූර්ණ වශයෙන් හානි වූ නිවාසයක් වෙනුවෙන් නව නිවසක් ඉදි කරගැනීමට රුපියල් ලක්ෂ 50 ක් රජය විසින් ප්‍රදානය කරන අතර මීට අදාළ NDRSC/02/04/10 අංක දරණ චක්‍රලේඛය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය විසින් 2026.01.06 දින නිකුත් කරන ලදී.

මෙහිදී යම් නිවසකට පූර්ණ හානි සිදු වූ බවට හඳුනා ගැනීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් ලබාදෙන නිර්වචන අනුව සිදු කෙරෙයි.

මෙම සමාරම්භක වැඩසටහන අනුරාධපුර ගල්නෑව ප්‍රදේශයේ දී ආරම්භ කරන අතර, ඊට සමගාමීව අනුරාධපුර දිස්ත්‍රික්කයේ හඳුන්ගම, රාජාංගණය, සිරිමාපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය, විතිකුලිය මංසන්ධිය, රිදීගම, දොඩන්ගස්ලන්ද යන ප්‍රදේශවල දී ආපදාවට පත් ජනතාව වෙනුවෙන් නව නිවාස ඉදි කිරීමේ හා වන්දි මුදල් ලබාදීමේ වැඩසටහන් පැවැත්වීමට නියමිතයි.

රජය විසින් ඉදිකරන නිවසේ ආකෘතිය පහතින් දැක්වෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

NPP ලේබලයෙන් ගෙනෙන රනිල් – ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්ති එපා – කොටුවේ විරෝධතාවක් (PHOTOS)

කොළඹ LNW:NPP ලේබලයෙන් ගෙනෙන රනිල් - ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්තිය...

Your Shot Challenge හි හොඳම ඡායාරූප කිහිපයක්! ඇස් වලින් දැක, විඳින්න.

සටහන – පුලී ජනවාරි 14, කොළඹ (LNW):  ඉඳහිට හිතට අල්ලන...

එක්සත් ජනපදය හා ඉරානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇනහිටියි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ක්‍රියාත්මක වන...

ආනයනික කිරිපිටි මිල පහතට!

කොළඹ LNW:එළඹෙන ජනවාරි 16 වෙනි දා සිට ආනයනික කිරිපිටි...