දූෂිත ටෙන්ඩරයකින් බාල ගල්අඟුරු මෙරටට ආනයනය කරලා – පොහොට්ටුවෙන් ආණ්ඩුවට අභියෝගයක්!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW :

බලශක්ති ඇමති කුමාර ජයකොඩිට ඩී.වී චානකගෙන් අභියෝගයක් එල්ලවී තිබේ.

දූෂිත ටෙන්ඩරයක් මගින් බාල ගල්අඟුරු මෙරටට ආනයනය කර පාඩු සිදුකර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක පාර්ලිමේන්තුවේදී පැවසීය. බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට ඕනෑම නාලිකාවක දූෂිත ගල්අගුරු ටෙන්ඩරය ගැන විවාදයකට පැමිණෙන ලෙසට තමා අභියෝග කරන බවත් එම ගනුදෙනුව සම්පූර්ණයෙන්ම දූෂිත බව තමා ඔප්පු කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක කියා සිටී.

වත්මන් රජය සිය පාලන කාලයේ මුල් සතියේ සිටම දූෂණ සහ වංචාවල නිරත වන බවට චෝදනා කරමින්, මන්ත්‍රී ඩී.වී. චානක මහතා පාර්ලිමේන්තුවේදී මහා පරිමාණ ගල්අඟුරු වංචාවක තොරතුරු අනාවරණය කළේය.

සාමාන්‍යයෙන් අප්‍රේල් මාසයේ කැඳවිය යුතු ගල්අඟුරු ටෙන්ඩරය, සැප්තැම්බර් මාසය දක්වා කල් දැමීමට රජය කටයුතු කර ඇති බවත්, ලංකාවට ගෙනා පළමු ගල්අඟුරු නැව් දෙකේ Calorific value 5600-5800 අතර පවතින බව ලක්විජය බලාගාරයේ පරීක්ෂණවලින් තහවුරු වී ඇති බවත් කියයි.

ගල්අඟුරු ටෙන්ඩර් මාර්ගෝපදේශ අනුව මෙය අවම වශයෙන් 5900 විය යුතු බවද ඔහු පෙන්වා දේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 40කට පසු යළි ගොඩනැගෙන පරන්තන් රසායනික කම්හල!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පරන්තන් රසායනික කර්මාන්තශාලාව වසර 40කට පසුව නැවත...

ආරක්ෂණවාදයෙන් වළකින්නැයි චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලයි!

කොළඹ LNW:වාර්තාවලට අනුව, යුරෝපා සංගම් කොමිසම පසුගියදා(20) සයිබර් ආරක්ෂණ...

ලෝකයේ ඇති නානාප්‍රකාර වර්ණයන් පසෙකලා පැවැති කළු-සුදු ඡායාරූපකරණය!

සටහන – පුලී ජනවාරි 22, කොළඹ (LNW):  අපේ ලෝකය දීප්තිමත්...

ස්වර්ණ ජයන්තිය අවර්ණ කිරීම

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: කුමන හෝ ක්‍රියාවලියකදී ස්වර්ණ...