බ්‍රසීලය සිය ආරක්ෂාව තර කරමින් වෙනිසියුලාවේ දේශසීමාව අසලට ජාතික ආරක්ෂක භටයින් යැවීමට සැළසුම් කරයි

0
3315

සටහන: සශිකලා මධුෂාණි

ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(08)දිනයේ බ්‍රසීල සාඕ පවුලෝ රජයේ නිල නියෝගයකට අනුව, වෙනිසියුලාවට මායිම් වන උතුරු රොරයිමා ප්‍රාන්තයට ජාතික ආරක්ෂක භටයින් යැවීමට සුදානම් බව වාර්තා වේ.

ඒ අනුව, රජය විසින් ජාතික මහජන ආරක්ෂක බලකායේ (FNSP) භටයින් සංඛ්‍යාවක් පැකරයිමා වෙත මෙන්ම දේශසීමාවේ සිට කිලෝමීටර් 213 ක් (සැතපුම් 132) පමණ දුරින් පිහිටි රොරයිමා අගනුවර වන බෝවා විස්ටා වෙත යැවීමට අවසර දී ඇත.

එක්සත් ජනපදය සෙනසුරාදා(03)දින වෙනිසියුලාවට බෝම්බ හෙලා එහි ජනාධිපති නිකොලස් මධුරෝ පැහැර ගැනීමෙන් පසුව මෙම පියවර ගෙන ඇති අතර, බ්‍රසීලය පකරයිමා අසල වෙනිසියුලාව සමඟ එහි දේශසීමාව තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇත.

වෙනිසියුලාව දේශසීමාවේ සිය හමුදා පැවැත්ම ශක්තිමත් කරමින් සිටින බවත්, වෙනිසියුලානු සාමූහික කණ්ඩායම් සහ පළමු කැපිටල් කමාන්ඩ් (පීසීසී) සහ රෙඩ් කමාන්ඩ් (සීවී) වැනි බ්‍රසීලියානු කල්ලි ඇතුළු බහු සන්නද්ධ කණ්ඩායම් මෙම ප්‍රදේශයේ ක්‍රියාත්මක වන බවත් බ්‍රසීල මාධ්‍ය වාර්තා කර ඇත.