චීන විදේශ ඇමති මෙරටට පැමිණෙයි. නාමල් ගුවන් තොටුපලේදී පිළිගනී (VIDEO)

චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී මහතා දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (08) රාත්‍රියේ මෙරටට පැමිණියේය.

18 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් සමග විශේෂ ගුවන් යානයකින් ඒ මහතා ඊයේ රාත්‍රී 08.20 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණ තිබේ.

චීන විදේශ අමාත්‍යවරයා පිළිගැනීම සඳහා ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ගුවන් තොටුපල වෙත පැමිණ සිටියේය.

චීන – ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 65 වන සංවත්සරය සැමරීමට සමගාමීව චීන විදේශ අමාත්‍යවරයාගේ මෙම සංචාරය සිදුකෙරේ.

RN