රටේ ආහාර හිඟයක් ඇතිවෙන්න ජනපතිට වැරදි උපදෙස් දුන් අයට දඬුවම් කළයුතුයි – මුරුත්තෙට්ටුවේ හිමි

Date:

රටේ ආහාර හිඟයක් ඇතිවන පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට වැරදි උපදෙස් ලබාදුන් පුද්ගලයින් සොයා ඔවුන්ට දඬුවම් කළයුතු බව කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි.

“සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ පාලන සමය තුළත් විශාල පෝලිම් යුගයක් ඇතිවෙලා තිබුණා. ඒ පෝලිම් යුගය ඇතිවුණත් එදා ඇත්ත වශයෙන්ම බඩුමුට්ටු තිබුණා සෑහෙන්න. අද පෝලිම් යුගය වැඩිවෙලා තිබෙනවා, පෝලිම්වල ඉන්න අයට අවශ්‍ය ද්‍රව්‍ය, උපකරණ සොයාගැනීමේ දුෂ්කරතාවයක් ඇතිවෙලා තිබෙනවා.

අපි හැමදාම මේ ඩොලර් ගැන කතා කරනවා. ඩොලර් නැතුව බඩු ගෙන්වන්න බෑ කියලා කියනවා. අද ඩොලර් හොයන්න ක්‍රමයක් ඇතිකරලා නැතුව, මේ ඩොලර් නෑ නෑ කිය කියා ඉන්න එක විසඳුමක් නෙවෙයි. අපි ඩොලර් හොයාගන්න උත්සාහ කරන්න ඕනෑ. අපි දන්නවා තායිලන්තය, කොරියාව ආදී රටවල මේ ආර්ථික අහේනිය ඇතිවෙච්ච වෙලාවෙදී ජනතාවගෙන් උපරිම සහයෝගයක් ලැබුණා රටට. නමුත් අද අපේ රටේ ජනතාවට රට ගොඩගැනීම, ජාතිය ගොඩගැනීම පිණිස අපි කතා කළත් ඔවුන් ඒවා තුට්ටුවකටවත් ගණං ගන්නෙ නෑ. ඔවුන් කියන දේ තමයි රට රකින්න ඉස්සෙල්ලා අපේ බඩ පුරවාගන්න ඕනෙ කියන එක. අද අපට දරුණුම ගින්න කුසගින්නයි, අද අපට පෝලිම්වල ඉඳලාවත් කුසගින්න නිවාගන්න බැරි තත්වයක් උදාවෙලා තිබෙන්නෙ.

රජය බලයට පත්කරන්න කටයුතු කරපු අපියි අද ගොඩාක් බැනුම් අහන්නෙ. අද අපටත් ලොකු වේදනාවක් තිබෙනවා ජනතාව දුක්විඳිනකොට, ජනතාවගේ මැසිවිලි එනකොට. එනිසා ඒ ජනතාවගේ දුක පුළුවන් තරම් දුරට තුනී කරලා, මේ පවතින ආහාර හිඟය නැතිකිරීම ඉතාම අවශ්‍ය දෙයක්. එපමණක් නෙවෙයි මේ රට මේ තත්වයට පත්වෙන්නට උපදෙස් දුන්න මිනිස්සුන්ව හොයලා ඇත්ත වශයෙන්ම ඔවුන්ට දඬුවම් කරන්න ඕනෙ. මේ රටේ ජනාධිපතිවරයාට වැරදි උපදෙස් ලබාදීමට ක්‍රියා කළ එකේ වන්දිය අද ගෙවන්න වෙලා තියෙන්නෙ අහිංසක ජනතාවටයි”

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මේ බව පැවසුවේ පෙරේදා (07) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...

ඇරඹූ ප්‍රතිසංස්කරණ කටයුතු සියල්ල අවසන් අදියරේ!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : ආපදාවෙන් රට තුළ...

හිම වැටෙන රාත්‍රියක රෝස අහසක්! Real-Life Stranger Things Moment

සටහන – පුලී ජනවාරි 10, කොළඹ (LNW): ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ බටහිර...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනේ. හැබැයි පිටරටින් කොපි කරපුවා එපා – නාමල්

කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති 6...