පසුගිය වසරේ සුරාබදු දෙපාර්තමේන්තුව කෝටි 17,000 ක් උපයලා!

Date:

සුරාබදු දෙපාර්තමේන්තුව පසුගිය වසරේ රුපියල් බිලියන 170 ක් හෙවත් කෝටි 17,000 ක ආදායමක් උපයා ඇති බවත් එය සුරාබදු ඉතිහාසයේ වසරකදී ලැබූ ඉහළම ආදායම බවත් සුරාබදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා පැවසීය.

එම දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ඉලක්කගත ආදායම රුපියල් බිලියන 217 ක් හෙවත් රුපියල් කෝටි 21,700 ක් බව කී කුමාරසිංහ මහතා දැඩි නිලධාරී හිඟයක් තිබියදී මෙවැනි ආදායමක් ලැබීම කැපී පෙණෙන බව ද සඳහන් කළේය.

සුරාබදු දෙපාර්තමේන්තුව ආදායම වැඩි කරගැනීමට සහ දේශීයව නිෂ්පාදනය කරන මත්පැන්වල ප්‍රමිතිය පත්වාගෙන යෑම සඳහා ප්‍රමිති සහතික දීම සහ ලාංඡනයක් හදුන්වාදීම වැනි ව්‍යාපෘති ආරම්භ කර ඇති බව ද වැඩි දුරටත් සඳහන් කළේය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Epstein ලිපිගොනුවල ගෑවුණු නම් අතර Stephen Hawking ගේ නමත්?

සටහන – පුලී පෙබරවාරි 06, LNW (කොළඹ): Jeffrey Epstein ගේ...

අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...