පොදු ළකුණකට පෙලගැසෙන එජාපය සහ පොහොට්ටුව …

Date:

පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොදු ලකුණකින් තරඟ කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

සමහර පළාත් පාලන ආයතන සඳහා අලියා ලකුණින්ද ඇතැම් ආයතන සඳහා පොහොට්ටුව ලකුණින්ද පක්ෂ දෙක එක්ව තරඟ කරන බව කී එජාප මහලේකම්වරයා ඇතැම් පළාත් පාලන ආයතන සඳහා පොදු ලකුණකින් තරඟ කරන බවත් සඳහන් කළේය.

අලියා ලකුණින් තරඟ කරන ආයතන මොනවාද? පොහොට්ටුවෙන් තරඟ කරන ආයතන මොනවාද?සහ පොදු ලකුණකින් තරඟ කරන ආයතන මොනවාද යන්න පිළිබඳව පක්ෂ දෙකේ ඉහළ පෙළේ නායකයන්ගේ සහභාගීත්වයෙන් හෙට (10) පැවැත්වෙන සාකච්ඡාවකදී තීරණය කරන බවද රංගේ බණ්ඩාර මහතා කීය.

පළාත් පාලන මැතිවරණයට තරඟ කරන ආකාරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පක්ෂ දෙකේ ඉහළ නිලධාරීන් කොළඹදී ඊයේ (8) ද සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී ද පොදු ලකුණ සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබෙි.

අදාල සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, උප නායක අකිල විරාජ් කාරියවසම්, සභාපති වජිර අබේවර්ධන, ජ්‍යෙෂ්ඨ උප සභාපති සාගල රත්නායක, මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර සහ රවී කරුණානායක මහත්වරුන්ද පොදු ජන පෙරමුණ වෙනුවෙන් බැසිල් රාජපක්ෂ, පක්ෂයේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජිව එදිරිමාන්න, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අළුත්ගමගේ මහත්වරුන් ද සහභාගි වී තිබේ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...