වුණා ද නැද්ද නොදන්න මඟුලක්

Date:

එංගලන්තය නියෝජනය කළ පාපන්දු ක්‍රීඩක ජෙරමීන් ඩිෆෝ සහ ඇයගේ බිරිඳ ඩෝනා ටියර්නි වෙන්ව ඇති බවට පළවෙන වාර්තා සමඟම ඔවුන් විවාහ වී නැද්ද යන්නත් කතා බහට ලක්වෙමින් ඇත.ස්ටර්ලින් පවුම් ලක්ෂ දෙකක් වියදම් කරමින් පැවති මේ විවාහ මංගල්ලය දෙස ලෝකයම බලා සිටියත් එය මාධ්‍යයට විවෘත නොකෙරුණු අතර ඩීෆෝගේ නියෝජිතයින් විසින් එහි ඡායාරූප ගැනීම සහ පසුව පුවත්පත්වලට විස්තර ලබා දෙමින් විශේෂාංග සැකසිම සිදු කර ඇත.
නත්තල මොවුන් දෙදෙනා වෙන්ව දෙපසක ගත කර බවට සහ වෙන්වි ඇති බවට තොරතුරු ලැබෙද්දී මාධ්‍යයට අවශ්‍යය වූයේ එවැනි විවාහයක් සිඳු වී ඇද්ද යන දැන ගැනීමය.ඒ නිසා ඔවුන් විවාහ වූ තැන් හී නීත්‍යාණුකූල ලිපි ලේඛණ සෙවීමට ඇතැම් මාධ්‍ය උත්සාහ කළ අතර ඒ ඔස්සේ තොරතුරු වාර්තා කරන “ද සන්” පුවත්පත “පසුගිය වසරේ ජුනි 4 වන දින ඔවුන් ජීවත් වූ ග්ලාස්ගෝ හි කිසිදු විවාහයක් පිළිබඳ වාර්තාවක් ද නොමැත” යනුවෙන් වාර්තා කර ඇත.
මාස හයකට පෙර සිඳු වූ බවට තොරතොරු වාර්තා වූ එම විවාහය පැවති ක්ලයිව්ඩන් හවුස්හි දී කිසිඳු මාධ්‍යයකට ඉඩ නොඳුන් බව පෙන්වා දෙන ද සන් පුවත්පත විශාල පිටු ගණන් පුරා එම විවාහය සම්බන්ධයෙන් වූ වාර්තා ඩීෆෝගේ ඡායාරූප ශිල්පියා යැවූ පිංතූරවලට වාර්තාකරුවෙක් සම්බන්ධ වී ලියූ ඒවා බව ද අවධාරණය කරයි.
නමුත් “ද සන්” මේ සම්බන්ධයෙන් ඩෝනා ටියර්නිගෙන් කරන ලද විමසිමකදී ඇය පවසා ඇත්තේ මෙවැනි කට කතා කොහෙන් පැමිණෙන්නේදැයි තමා නොදන්නා බවත් ඔවුන් දෙදෙනා සැබවින්ම විවාහ වූ බවත්ය.කෙසේ හෝ වෙන්විමෙන් පසු ඇයගේ ගිණුමේ තිබුණු විවාහය සම්බන්ධ සාක්ෂි සහිත ඡායාරූප ඇය ඉවත් කර ඇත.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැවත ඉරානයට බෝම්බ හෙලීමට දෙවරක් නොසිතන බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයට යුරේනියම් සැලකිය...

නොකියනු මැන හැකර කතා !

උපාලි කොළඹගේ කොළඹ LNW:කට හැකරකම මෝඩයන්ට මිස විදග්ධ හෝ පරිණත...

ධවල මන්දිරයේ නවතම තීරණය: ශ්‍රී ලංකාවටත් බලපායි!

රෂිකා හෙන්නායක ජූනි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වැඩසටහන් 24කට...

ඒකාබද්ධ ග්‍රාම සංවර්ධන වැඩසටහන මාතලෙන් ඇරඹේ!

කොළඹ LNW:ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට...