සමාජ මාධ්‍යයේ නැති වුණත් ජනතා හදවත්වල තාමත් ඉන්නේ පොහොට්ටුව! (VIDEO)

Date:

ඕනෑම මොහොතක පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බව අද (09) ඒ සඳහා ඇප මුදල් තන්පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේය.

මේ අතර මෙම පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කිසිම අභියෝගයක් නොමැති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙම අවස්ථාවට එක් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පැවසුවේ පක්ෂයට සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙක් මඩ අවලාද නැගුවද තවමත් ජනතා හදවත්වල සිටින්නේ පොහොට්ටුව බවයි.

රට වෙනුවෙන් එකමුතුව වැඩකළ හැකි හැම අවස්ථාවකම එකමුතුව වැඩකිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ ඊයේ පැවති සාකච්ජාවේදී එකඟතාවකට පැමිණි බවද කාරියවසම් මහතා සඳහන් කළේය.

එමෙන්ම පළාත් පාලන ජන්ද විමසීම සඳහා බැසිල් රාජපක්ෂ මහතා සක්‍රීයව සම්බන්ධ වන බව හෙතෙම පැවසුවේය.

පළාත් පාලන මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්න බවට විශ්වාස බවත් සාගර කාරියවසම් මහතා කියාසිටියේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...