ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ලැබිය යුතු සහාය ප්‍රමාද වීමට හේතුව මෙන්න!

Date:

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් මෙරට පුද්ගලික ණය හිමියන් වන ලෝකයේ බලගතු ආයෝජකයන් සහ හෙජ් අරමුදල් දරන දැඩි ස්ථාවරය ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින ශ්‍රී ලංකාවට ලැබිය යුතු සහාය ප්‍රමාද කරවා ඇතැයි ලෝකය පුරා සිටින ආර්ථික විද්‍යාඥයන් සහ සංවර්ධන විශේෂඥයන් 182 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් පවසා ඇත.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමට අවස්ථාවක් ලබා දීම සඳහා පුළුල් ණය අවලංගු කිරීමක් අවශ්‍ය බවත් ශ්‍රී ලංකාවේ ණය අර්බුදය, මතුවෙමින් පවතින ගෝලීය ණය අර්බුදයට මුහුණ දීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවේ සූදානම පරික්ෂා කරන අවස්ථාවක් වනු ඇති බවත් එම ආර්ථික විද්‍යාඥයන් සහ සංවර්ධන විශේෂඥයන් කණ්ඩායම “ද ගාර්ඩියන්” පුවත්පතට ප්‍රකාශයක් ලබා දෙමින් අවධාරණය කර තිබේ.

පෞද්ගලික ණය හිමියන්, ශ්‍රී ලංකාවට ණය දීමේදී මතුවන අවදානම ආවරණය කිරීම සඳහා ඉහළ පොලියක් යටතේ වාරික අය කර ඇති බවත් එය ඔවුන්ට විශාල ලාභයක් උපයා දී ඇති බවත් ආර්ථික විද්‍යාඥයන් සහ සංවර්ධන විශේෂඥයන් කණ්ඩායම පවසා තිබේ.

2022 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ පළමු ණය පැහැර හැරීමටද එය දායක වී ඇති බවත් ඉහළ පොලියක් සහිත වාරික හේතුවෙන් ලාභ ලැබූ පෞද්ගලික ණය හිමියන් දැන් එහි ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සූදානම් විය යුතු බවත් ආර්ථික විද්‍යාඥයන් සහ සංවර්ධන විශේෂඥයන් 182 දෙනකුගෙන් යුත් කණ්ඩායම ප්‍රකාශ කර ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර පදික වේදිකාවල වෙළඳාමට නැවත කිසිසේත් අවසර දෙන්නේ නෑ – නගරාධිපති

ලෝක උරුම සංචාරක නගරයක් මෙන්ම පූජනීය නගරයක් වන මහනුවර...

මන්නාරම Hayleys Fentons සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ !

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය...

ඉරානය සිය ගුවන් අවකාශය වසා දමයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජාණ්ඩුවට එරෙහි...

දිට්වා ආපදාවෙන් 93%කට ජීවනෝපායට දැඩි බලපෑම්!

කොළඹ LNW:ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම්...