ජනපති අනුර දිට්වා වන්දි යටතේ යළි ඉදිකෙරුණු නව නිවසක අලුත් අවුරුදු සැමරුමට එක්වෙයි

සටහන – රුවන් නෙළුගොල්ල

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු චාරිත්‍රවලට එක් වෙමින් දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ අනුරාධපුර ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මල්බෙලිගල ග්‍රාම නිලධාරී වසමේ එච්.එම්. ඉන්ද්‍රජිත් සම්පත් සේනාරත්න මහතාගේ නව නිවසට ගෙවැදීමේ උත්සවයට සහ අලුත් අවුරුදු සැමරුමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (14) පෙරවරුවේ එක්ව තිබේ.

පූර්ණ හානියට පත් නිවාසවලට ලබා දුන් වන්දි යටතේ මාස පහක කාලයක් තුළ මෙම නිවස ඉදිව තිබෙන අතර එය පූර්ණ හානියට පත් නිවාස වෙනුවෙන් ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ඉදි වන නව නිවාස හයෙන් එකක් බවත් එමෙන්ම මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අර්ධ හානි වූ නිවාස හැට හයකටද මේ වන විට වන්දි ගෙවා අවසන් කර තිබෙන බවත් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ප්‍රදේශයේ ජනතාව සමඟ එක්ව නව නිවසේ අලුත් අවුරුදු චාරිත්‍රවලට එක් වූ ජනාධිපතිවරයා එම සියලු ජනතාවට සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සුබපැතුම් එක් කළ අතර ජනාධිපතිවරයාව මහත් හරසරින් පිළිගත් ප්‍රදේශවාසීහු ජනාධිපතිවරයා වෙතද අලුත් අවුරුදු සුබපැතුම් එක් කළ බවත් ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පවසයි.

කෘෂිකර්ම, පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත, වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍ය වසන්ත සමරසිංහ, නිවාස ඉදිකිරීම් හා ජල කලමනාකරණ අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ, උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න යන මහත්වරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද පළාත් පාලනය ආයතන ප්‍රධානීහු ඇතුළු මහජන නියෝජිතයෝද අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහුද සේනාරත්න මහතාගේ පවුලේ ඥාතීහු ඇතුළු ප්‍රදේශවාසීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා වාර්තාකරණයේ නව පරිච්ඡේදයක් : වාර්තා කිරීමේ සදාචාරාත්මක සියුම් රේඛාව හඳුනාගැනීමේ මෙහෙවරක්…

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ජාතික ව්‍යසනයකදී මාධ්‍යවේදියෙකුගේ උරහිස...

වසරේ මුල් භාගයේ ශක්තිමත් මූල්‍ය ක්‍රියාකාරීත්වය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන IMF වෙතින් පැසසුම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ...

ගාසා අර්බුදය සහ ලෝක බලවතුන්ගේ හෘද සාක්ෂිය

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: පලස්තීන රාජ්‍යත්වයට ප්‍රංශය, කැනඩාව...

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ!

කොළඹ LNW:1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන)...