වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද. අදත් පිල් මාරුවක් ??

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද (09) පැවැත්වීමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ අද දිනයේ සිට 12 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බවය.

ඒ අනුව අද දිනයේ දී ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය පනත් කෙටුම්පත, ජාතික ජලශාස්ත්‍රීය පනත් කෙටුම්පත සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත යටතේ අංක 2355/30 දරන ගැසට් පත්‍රයේ සඳහන් නියෝග විවාදය ගැනීමට නියමිතය.

අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත් කෙටුම්පත දෙවනවර කියවීමට අදාළව 2023 නොවැම්බර් 08 දින පවත්වා කල්තබන ලද විවාදය ජනවාරි මස 10 වැනිදා දෙවැනි දිනටත් පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ජනවාරි මස 11 වැනි බ්‍රහස්පතින්දා විපක්ෂයය විසින් ඉදිරිපත් කිරීමට නියමිත සභාව කල්තැබීමේ යෝජනාව විවාදය පැවැත්වීමට නියමිත අතර පෞද්ගලික මන්ත්‍රීන්ගේ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා 12 වැනි සිකුරාදා කාලය වෙන්කර තිබේ.

මේ අතර අද (09) දිනයේදී පාර්ලිමේන්තුවේ පිල් මාරුවක් සිදුවීමට නියමිත බවට දේශපාලන ක්ෂේත්‍රය තුළ කටකතා පැතිර යමින් තිබේ.

මෙහිදී මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සමගි ජන බලවේගයටත් තවත් කිහිපදෙනෙකු නිමල් ලන්සා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් සන්ධානයටත් එකතු වීමට නියමිත බවටයි ආරංචි පැතිර යමින් පවතින්නේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු මෙසේ පිල් මාරුවට සූදානමින් සිටින බව කියැවුණත් එම පක්ෂයේ ආරංචිමාර්ග නම් සඳහන් කරන්නේ මේ කටකතා අසත්‍යය බවත් මේවා ඇතැම් පාර්ශ්ව විසින් ප්ලාන්ට් කරන ලද දූෂමාන ආරංචි බවත් ය. කෙසේවෙතත් මේවායෙහි සත්‍ය අසත්‍යතාවය තවත් පැය කිහිපයක් තුළ දැකගැනීමට හැකිවනු ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Elephant Transit Home : අලි වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : පොළොන්නරුවේ කලහගල ප්‍රදේශයේ...

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...