*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

සෙල්ලම් අස්පයා හා කළ සංවාද ….

“මොකද්ද දැන් මට දෙන නම ?” උදේ හවස උඹ අහනවා
තියනවනම් තියන්න නම් කීපයක්ම මට තියෙනවා
නමක් නොදා ඉන්න වුණත් වෙලාවකට මට හිතෙනවා
“ටිකිරා කියන නම හොඳයිද ?” බැරිම තැනදි මං අහනවා

“මුලට දාන නම මොකද්ද ?” මේන් ආයෙමත් අහනවා
“මල් – කියනා නම හොඳයිද ?” මාත් එයාගෙන් අහනවා
‘මල් ටිකිරා’ කියන නමට අපි දෙන්නම එකඟ වෙනවා
ටිකිරි කුමරු දන්නවනම් අපි දෙන්නට හිනා වෙනවා

උඹට අස්පබල තියෙනවා කොටුවෙ කෝලහල තියෙනවා
සෑදලයේ විට තියෙනවා උරවනනම් දුම තියෙනවා
මගේ අතින් ගිනිකූරක් පත්තු වෙනවා යළි නිවෙනවා
“මල් ටිකිරා ඉස්සරහට – දුම් වළල්ල පිටිපස්සට”
අපිව දකින අය කියනවා

පිගේරාගෙ තඩි බළලව පිගේරාම හම ගහනවා
කොටස් වෙළඳපොළ ඇතුළෙදි උගෙ මස් ටික කොටස් වෙනවා
ටිකිරො උඹට දුක හිතුණත් මේ ටික නම් මම කියනවා
බළල්ලු ටික බේරගන්න බැරිවෙන්නත් ඉඩ තියෙනවා

කොළඹ කොටුවෙ පස්ස පැත්ත ගිනි අරගෙන දුං දානවා
ටිකිරි කුමරු හිනා වෙවී අලුත් වෙඩිල්ලක් කොටනවා
ඉලක්කයට වෙඩි තිබ්බොත් ඉලක්කයක් නැතුව යනවා
ඕං ටිකිරො ඒක හන්දා මං අහකට වෙඩි තියනවා ….!

~ රුවන් බන්දුජීව

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan