*
Thursday, October 10, 2024
spot_img

Latest Posts

ආර්ථික යුක්තිය ඉල්ලා පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගෙන් ජනපතිට ලිපියක්!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 09 කොළඹ (LNW): ආර්ථික යුක්තිය ඉටු කිරීමේ රෝයල් න්‍යායට එරෙහිව සමස්ථ සෞඛ්‍ය සේවය සමඟම පාරට බහිනා බව දන්වා පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය විසින් ජනපති වෙත ලිපියක් යොමුකර ඇත.

එම ලිපිය පහතින් දැක්වේ.

රනිල් වික්‍රමසිංහ මැතිතුමා
ගරු ජනාධිපතිතුමා
ජනාධිපති ලේකම් කාර්යාලය
කොළඹ 01

ආර්ථික යුක්තිය ඉටු කිරීමේ රජයේ අසාධාරණ ප්‍රතිපත්තියට එරෙහිව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ වැඩවර්ජනය

2024.01.08 වන දින උදෑසන 8.00 සිට සේවා වලින් ඉවතට

ආර්ථික යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් සඳහා, රු 35000/- දීමනාව ලබා දෙනු

2024.01.08 දින රැස්වූ අමාත්‍ය මණ්ඩලය වෛද්‍ය නිළධාරීන් සඳහා ආර්ථික යුක්තිය ඉටු කිරම සඳහා රු 35000/- ක දීමනාවක් ලබා දීම පිළිබඳව අප ඉතාමත් සතුටු වෙමු. කෙසේ නමුත් එම යුක්තිය සියළු සෞඛ්‍ය වෘත්තීයවේදීන්ට සාධාරණ ලෙස ඉටු කිරීමට එකී අමත්‍ය මණ්ඩලය අපොහොසත් වීම පිළිබඳව අප අතිශයින්ම කණගාටු වෙමු.

ඒ අනූව, සෞඛ්‍ය වෘත්තීයවේදීන් සඳහා ආර්ථික යුක්තිය ඉටු කිරීමේදී පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් සම්පූර්ණයෙන්ම නොසලකා හැරීමට එරෙහිව 2004.01.09 දින උදෑසන 8.00 සිට සංකේත වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට අප බලමණ්ඩලය තීරණය කල බව කණගාටුවෙන් දැනුම් දෙමු.

තවද, මේ පිළිබඳව නිසි අවධානය යොමු කරමින් සාධාරණය ඉටු කිරීමට කඩනමින් කටයුතු නොකරන්නේ නම් සමස්ථ සෞඛ්‍ය වෘත්තීයවේදීන් සහ අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඒකාබද්ධ කර ගනිමින් අඛණ්ඩ වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සිදුවන බවත් වැඩිදුරටත් දැනුම් දෙමු.

එසේම, අමාත්‍ය මණ්ඩලය විසින් සිදු කරන ලද බරපතල නොසලකා හැරිම එසේ තිබියදී පවා රෝගීන් පත්වන දැඩි අපහසුතාවය සැලකිල්ලට ගනිමින් සියළු ළමා රෝහල්, සියළු පිලිකා රෝහල්, සියළු මාතෘ රෝහල් , සියළු වකුගඩු රෝහල්, මධ්‍යම ලේ බැංකුව, මානසික සෞඛ්‍ය විද්‍යායතනය යන ආයතන සඳහා සියළු සේවාවන් ස්වේච්ඡා පදනම මත ලබා දීමටත් අවශ්‍යතාවය පරිදි හදිසි සහ අත්‍යාවශ්‍ය සේවාවන් ස්වේඡා පදනම මත ලබා දීම සඳහාත් කාර්ය මණ්ඩලය යෙදවීමට කටයුතු කරන බවත් දන්වා සිටිමු.

සෞඛ්‍ය සේවාව තුල වගකිව යුුතු වෘත්තිකයන් ලෙස, අති විශාල අපහසුතාවයන් ප්‍රමාණයක් විඳදරා ගනිමින්, සාමාජිකත්වයේ මැසිවිලි රාශියක් මධ්‍යයේ පවා සමස්ථ සෞඛ්‍ය සේවාවේ උන්නතිය උදෙසා අප කටයුතු කරමින් තිබියදී, රජයේ මෙම අසාධාරණ බෙදීම ඉවසිය නොහැකි බව අවධාරණය කරමු.

පරිපාලනයේ හා කළමනාකරණයේ දුර්වලතා හේතුවෙන් ඇතිවූ ආර්ථික අර්බුධයේ පීඩාව, ඊට වග නොකියයුතු සාමාන්‍ය මහ ජනතාව මත පමණක් පටවා තිබියදී, රජය එක් කුලකයක දුක පමණක් දැනෙන අසාධාරණ පාළණයක යෙදීම, අප වෘත්තීයවේදීන්ගේ ඉවසීම මුග්ධ බවක් ලෙස තක්සේරු කර ඇති බවක් පසක්කොට ඇත.

එසේම සෞඛ්‍ය සේවාවේ සාමුහිකත්වයද මෙම තීන්දුව මගින් බරපතල ලෙස නොසලකා හැර ඇති බැවින් හා රජයට පෙන්වන තරම් ආර්ථික අර්බුධයක් නොමැති බව තහවුරු කර ඇති බැවින්, පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් සඳහාද රුපියල් 35000/- ක දීමනාවක් අනිවාර්යයෙන්ම ලබා දෙන තුරු අනවරතව අරගල කිරීමට සිදු වන බව කණගාටුවෙන් දැණුම් දෙමු.

මේ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා කඩිනම් අවස්ථාවක් ලබා දෙන ලෙසද කාරුණිකව ඉල්ලා සිටිමු.

ස්තුතියි!
මෙයට විශ්වාසී

රවී කුමුදේශ්
සභාපති
පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan