සටහන – රෂිකා හෙන්නායක
ජනවාරි 09 කොළඹ (LNW): ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී, සුරාබදු කොමසාරිස් ජෙනරාල් සමන් ජයසිංහ මහතා එම ධූරයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව නැවතත් එම ධූරය සදහා හිටපු සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.ජේ. ගුණසිරි මහතා යළි පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි.
මේ වනවිට , හිටපු සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා වන එම්.ජේ. ගුණසිරි මහතා , වයස අවුරුදු 60න් විශ්‍රාම ගැනීමෙන් පසුව ජනාධිපති කාර්යාලයේ ආදායම් ඉපයීමේ අධ්යක්ෂ ලෙස කටයුතු කරන බවද සඳහන් වේ.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇