රෑ ඩැනියෙල් දවල් මිගෙල් ගේම් මගේ ළඟ නෑ – ඉල්ලා අස් වූ සජබ මන්ත්‍රී පාර්ලිමේන්තුවේ නොකී කතාව මෙන්න!

Date:

කොළඹ LNW:තමන් රැ ඩැනියෙල් දවල් මිගෙල් ගේම් ගහපු කෙනෙක් නොවන අතර ජ්‍යෙෂ්ඨත්වය සලකා තනතුරක් දී යම් කාර්යභාරයක් බලාපොරොත්තු වන්නේ නම් තමන් ඊට සූදානම් බව අද (09) පාර්ලිමේන්තුවේදී ඉල්ලා අස් වූ සමඟි ජන බලවේගයේ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.

ඔහු මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී සිය ඉල්ලා අස් වීම ප්‍රකාශ කිරීමෙන් අනතුරුව පැවති මාධය් හමුවේදීය.

සමඟි ජන බලවේගය හැර වෙනත් දේශපාලන කඳවුරක තමන් හිට ගන්නේ නැති බවද හිටපු මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

”69 ලක්ෂය මුලාවක වැටුන එක නිවැරදි කරන්න පක්ෂ,පුද්ගලයෝ,සංවිධාන සමඟි ජන බලවේගය සමඟ එක්වෙනව නම් ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි සමගි ජන බලවේගයේ ජයග්‍රහණය දැකල තනතුරු බලාගෙන එක්වෙනව නම් ඒකට ඉඩදියයුතු නෑ.මට මගේ ජ්‍යෙෂ්ඨකමට යම් වගකීමක් දෙනව නම්, පවරනව නම් ඒ සදහා කටයුතු කරන්න මම ලෑස්තියි.මගේ බලාපොරොත්තුව සමගි ජන බලවේගයේ තනතුරුවල ඉන්න ඒක නායකතුමා ප්‍රතික්ෂේප කරනවනම් මම සම්පූර්ණයෙන්ම දේශපාලනයෙන් සමුගන්නවා. මොකද සමගි ජන බලවේගය නැතුව වෙන දේශපාලන පක්ෂයක් මට නැහැ.”

මේ අතර හොරුන්ට ජාවාරම්කරුවන්ට ජන්දය දුන්නේ ජනතාව වන අතර එලෙස ජන්දය බහ්විතා අකර 225ටම බැනීම අසාධාරණ බවත් ඉදිරියේදී එලෙස හොරු ජාවාරම්කරුවෝ නැති ශිලාචාර 225ක් හදන ලෙසද ඉල්ලා සිටින බව හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආයතන 15ක් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරයි.

කොළඹ LNW:ආයතන 15ක සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති...

ආපදා හේතුවෙන් මරණ 69ක් දක්වා වැඩි වෙද්දී තවත් 34ක් අතුරුදහන්!

කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට ආපදා මරණ...