නෙත්මිගේ පැරිස් ගමණට ක්‍රොඒෂියා කඩුල්ල පනින්න හරීන්ගෙන් ලක්ෂ 18 ක්

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 09 කොළඹ (LNW):පොදු රාජ්‍ය මණ්ඩපීය මට්ටමෙන් හෝ ආසියාතික මට්ටමෙන් ශ්‍රී ලංකා මල්ලවපොර ක්‍රිඩාව දිනා ඇති එකම පදක්කමට හිමිකම් කියන නෙත්මි ප්‍රනාන්දුට “Road to Olympics.” යටතේ මිලියන 1.8 ක මුදලක් ලබා දීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ අනුමැතිය හිමි වී ඇත.19 හැවිරිදි ඇය මේ ඓතිහාසික ජයග්‍රහණය ශ්‍රී ලංකාවට දිනා දෙමින් 2022 බර්මින්ග්හැම් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී සිය ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා දුන්නාය.

අමාත්‍යවරයා මෙම මුදල් ප්‍රතිපාදන ලබා දිමට ඉදිරිපත්ව ඇත්තේ 2024 ජනවාරි 10 සිට 14 දක්වා ක්‍රොඒෂීයාවේ සාග්‍රේබ් හි පැවත්වෙන ඔලිම්පික් සුදුසුකම් තරගාවලියක් ලෙස හැදින්වෙන විවෘත ශ්‍රේණිගත කිරීමේ ජාත්‍යන්තර මල්ලව පෙර තරගාවලිය සඳහා සහභාගි වන නෙත්මි අහිංසා සහ ඔහුගේ පුහුණුකරු සුරංග කුමාර වෙනුවෙන් අනුග්‍රහයක් ලෙසය.

දැනට ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් හී සිය බර කාණ්ඩයේ 36 වන තැන සිටින නෙත්මි අහිංසා ප්‍රනාන්දුට සහ ඔහුගේ පුහුණුකරු සුරංග ප්‍රනාන්දුට මේ තරගාවලිය සඳහා සහභාගි වීමේදී දරන්නට සිඳුවන වීසා ගාස්තු, ගුවන් ප්‍රවේශපත්‍ර සහ ක්‍රොඒෂියාවේ නවාතැන් පහසුකම් සඳහා මෙම රුපියල් මිලියන 1.8 ක මුදල වැය වෙන් කර දීමට අමාත්‍යවරයා පියවර ගත් බව පෙන්වා දෙන ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ෂෙමාල් ප්‍රනාන්දු පවසා සිටින්නේ නෙත්මි,2024 පැරිස් ඔලිමිපික් උළෙල සඳහා සුදුසුකම් සපුරා ගැනීමට සමත් වෙනු ඇතැයි විශ්වාස කරන බවය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නන්දනගේ වටිනාකම බිංදුවයි – ඇමති ලාල්කාන්ත

අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතාගේ වටිනාකම තමන්ට...

ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාවය ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවේ...

එංගලන්තයත් එක්ක ලංකාව හැප්පෙන හැටි බලන්න ටිකට් ගන්න හැටි….

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: එළැඹෙන ජනවාරි 22 දා...