සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 09 කොළඹ (LNW): අබාඩාබි හී පැවති පන්දු ඕවර් 10 තරගාවලියේදී කැපී පෙණුන දක්ෂකම් දැක් වූ චාමික කරුණාරත්න,සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවත්වෙන විස්සයි විස්ස තරගාවලිය සඳහා සහභාගි වන අවසාන් ක්‍රීඩක සංචිතයට යොදවා නැත.එක්දින තරගාවලියේ දී ද අවසන් නාම ලේඛණයෙන් චාමිකගේ නම ඉවත් වී තිබුණ අතර විස්සයි විස්ස තරගාවලියේ අවසාන තේරීම්වලද චාමිකගේ නම සඳහන් වී නොමැත.
නව ටෙස්ට් නායකත්වයට පත් කළ ධනංජය ද සිල්වා එක්දින සංචිතයේ නොසිටිය ද විස්සයි විස්ස වේගවත් තරග රටාව සඳහා කැඳවීමට තේරුම් කමිටුව තීරණය කර ඇත.කලකට පසුව අවසන් සංචිතයේ අකිල ධනංජයගේ නම ද දකින්නට ඇති අතර ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ඇන්ජලෝ මැතිවිස් ද කැඳවා ඇත.චාමික සමඟ අබුඩාබි තරගාවලියේදී කැපී පෙණුන සහ මෙවර අයිපීඑල් වෙන්දේසියේදී වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා වන නුවන් තුෂාර ද මෙම සංචිතයේ දකින්නට ඇති අතර ඩෙංගු රෝගයට ගොදුරු වු බව කියූ පැතුම් නිශ්ශංක ද සෞඛය තත්ත්වය නිරීක්ෂණයෙන් පසුව කණ්ඩායමට ඇතුළත් කිරීම තීරණය කිරීමට අවසර දී ඇත.
ඩෙංගු රෝගයට ගොඳුරු වූ අයෙක් අවසාන ක්‍රීඩකයින් අතරට මේ තරම් ඉක්මිණින් ගෙන ආ හැකිද යන්න ක්‍රීඩා අමාත්‍යරයාට උපදෙස් දෙන කිසිවෙකුත් මෙම අවසාන කණ්ඩායමට අනුමැතිය දිමේදී සළකා බලා නැද්ද යන්න ගැටළුවකි.යම් කිසි ආකාරයකින් ගැටළු සහගත තත්ත්වයක් දැකිය හැකි මේ අවසාන තේරීම අනුව තරගාවලියට නම් කර තිබෙන කණ්ඩායම පහත දැක්වෙන අතර පැවත්වෙමින් තිබෙන එක්දින තරගාවලියේදී සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දස්කම්වල විශාල පරතරයක් නොමැති බව දැක දැකම සහ විස්සයි විස්ස තරගාවලිය ගැන අවධානය යොමු කළ යුතුව ඇති මොහොතක ස්ථාවර දැක්මක් සහිතව නම් කළ කණ්ඩායමක් ද යන්න ගැටළුවක් ඇති කරන මේ කණ්ඩායම පෙන්වන ප්‍රතිපල අනුව වරදක් වුවහොත් ඉලක්කය විය හැක්කේ ශ්‍රී ලංකා ක්‍රිකට් ය.
තේරීම් කමිටුවේ අවසාන තීරකයා මෙන්ම තේරීම් කමිටුවේ අවසාන තීරණය අනුමත කිරීම ද පැවරෙන්නේ ශ්‍රී ලංකාවේ පවතින ක්‍රීඩා නීතියට අනුව ක්‍රීඩා අමාත්‍යවරයාට වන අතර ඔහුට එවැන්නකදී අවශ්‍යය උපදෙස් ලබා ගැනීමට අමාත්‍යංශය හරහා සහ සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා මෙන්ම වෙනම එම පනත ප්‍රකාරව පත් කරගෙන ඇති පිරිසක් ද සිටින බව පරාජයන් හී දි අමතක වේ.එවිට සම්පූර්ණයෙන් සියල්ල ශ්‍රී ලංකා ක්‍රිකට් ඉලක්ක වීම සාමාන්‍ය තත්ත්වයක් වී ඇති අතර ජයග්‍රහණයක් පැමිණියහොත් එහි ගෞරවය කොටස් ලෙස එකිනෙකා බෙදා ගෙන ඉතුරුවන කොටසක් පමණක් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත හිමිවීම සාමාන්‍ය තත්ත්වයකි.
විස්සයි විස්ස සංචිතය
වනිඳු හසරංග (නායක)
චරිත් අසලංක (උප නායක)
සදීර සමරවික්‍රම
කුසල් මෙණ්ඩිස්
කුසල් ජනිත් පෙරේරා
ඇන්ජලෝ මැතිවිස්
දසුන් ශානක
ධනාජය ද සිල්වා
කමිඳු මෙණ්ඩිස්
මහේෂ් තීක්ෂණ
දුෂ්මන්ත චමීර
ඩිල්ෂාන් මධුශංක
මතීශ පතිරණ
නුවන් තුෂාර
අකිල ධනංජය
පැතුම් නිශ්ශංක (ශාරිරික යෝග්‍යතාවය මත)
