තව ඔහොම්මම ගියාවේ ….

Date:

මේ ආන්ඩුවට ලොකුම හානිය කරන්නෙ ඒකෙ ලඟම ඉන්න ගතානුගතික සපෝටර්ලා සෙට් එක ….

මොකද ආන්ඩුව මොන වැරදි තීන්දුව ගත්තත්, ආන්ඩුවේ මහ ඇත්තො මොන වැරදි ප්‍රකාශය කලත් ඒ තීරණ හරිම තීරණ ලෙසත් ඒ ප්‍රකාශ හරිම ප්‍රකාශ ලෙසත් සුද්දකරන ගතානුගතික ස්පෝටර්ලා සෙට් එකක් ඉන්න නිසා ආන්ඩුවට ඒ වැරදි නිවැරැදි කරගැනීමේ අවස්තාව අහිමිවෙනව.. මේ පසුබිම නිසා ආන්ඩුවේ මහ ඇත්තන්ට එළියෙන් එන විවේචන ඇහෙන්නෙ නැතිව යනව..

මේ ආන්ඩුව දිනවන්ට ත්‍රීවීල් ප්‍රජාව කලේ සුළුපටු කාර්‍ය්බාරයක් නෙමේ… නමුත් ආන්ඩුව ත්‍රීවීල් සගයන්ගේ ස්ටිකර්, සුදුයකඩ ගලවලා කරගත්තේ බරපතළ අවුලක්.. ආන්ඩුව ඒ කලේ කන්ද නැග්ගට පස්සෙ හැරමිටියට පයින් ගැසීමක්..

කලින් මාළිමාවට පක්ෂව කතාකරන එක ට්‍රෙන්ඩ් එකක්වෙලා තිබ්බෙ, දැන් මාළිමාව විවේචනය කරන එක ට්‍රෙන්ඩ් එකක් වෙලා.. විශේෂයෙන්ම යූටියුබ් අවකාශය ඇතුලේ කලින් විවුස් ගන්න නම් මාළිමාවට සපෝට් එක දෙන්න ඕන…දැන් යූටියුබ් අවකාශය ඇතුලේ විවුස් ගන්න නම් ආන්ඩුව විවේචනය කරන්න ඕන..

ඒ කියන්නේ සුළුවෙන් හරි ජනමතය වෙනස්වෙන්ට පටන් අරන්…

ඒ කොහොම වෙතත් අපි පුද්ගලිකව හඳුනන ආන්ඩුවෙ මැති ඇමැත්තන් සමහරවිට ඊටත් උඩින් ඉන්න අය පවා දැන් ඉන්නෙ වැරදි පෙන්නලා දෙන්ට පුලුවන් මොහොතක නෙමේ..

ඒ අය තාම ඉන්නෙ ජයග්‍රහණය ගැන පමණට වඩා උදම්වෙලා. ඒක අතිශයෝක්තියෙන් ඇඟට අරන්..

ඒ නිසා තව ඔහොමම ගියාවේ …..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩුප්ලෙන්ටිස්ගේ පියාඹණ උස තවත් ඉහළට

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: සර්ජි බුබ්කා රිටි පැනීමේ...

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...