ටික් ටොක් ආයතනය අද අවසන් සටනේ!

Date:

රෂිකා හෙන්නායක , ජනවාරි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

තම අමෙරිකානු තහනම අවලංගු කිරීමේ අවසාන උත්සාහය ලෙස, ටික් ටොක් ආයතනය අද අමෙරිකා එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි.


විචාරකයන් පවසන්නේ, මෙම නඩුව අමෙරිකානු ජාතික ආරක්ෂාව සහ අමෙරිකානුවන්ගේ නිදහස් භාෂණයේ සීමාවන් පරීක්ෂා කරන නඩුවක් බවයි.

ජනප්‍රිය සමාජ මාධ්‍ය වේදිකාව, ජනවාරි 19 වන විට එහි චීන හිමිකරුගෙන් වෙන් කිරීමට හෝ අමෙරිකා එක්සත් ජනපදයෙන් ඉවත් විය යුතු බවට නියෝග කරමින් පසුගිය වසරේ අධිකරණය නියෝගය කළ අතර, ටික් ටොක් සමාගම මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටී.

අමෙරිකාවේ ඔත්තු බැලීම සහ දේශපාලන උපාමාරු සඳහා චීනය විසින් ටික් ටොක් සමාජ මාධ්‍ය වේදිකාව මෙවලමක් ලෙස භාවිතා කළ හැකි බවට එක්සත් ජනපද රජය තර්ක කරන අතර, ටික් ටොක් සමාගම එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් පවසන්නේ, අමෙරිකාව තම සමාගම අසාධාරණ ලෙස ඉලක්ක කර ඇති බවයි.

ජනවාරි 20 වනදා වැඩ භාර ගැනීමට නියමිත අමෙරිකානු නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවා මෙම අධිකරණ කටයුත්ත පමා කළ යුතු යැයි කලින් සඳහන් කළ අතර, ඒ ඔහු ධූරයට පැමිණි පසු, මෙයට වඩා ප්‍රායෝගික විසඳුමක් ලබා දෙන බව පවසමිනි.

විචාරකයන් පවසන්නේ, ටික් ටොක් සමාගමේ අමෙරිකානු පැවැත්ම පිළිබඳව අද අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තීරණය කරනු ඇති අතර, මෙම පියවර මිලියන 170 ක් පමණවන අමෙරිකානු පරිශීලකයින්ගේ නිදහස් භාෂණයේ අයිතිය උල්ලංඝනය කරනු ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විකෘති ප්‍රවෘත්ති පළකරන්න ලෑස්ති වෙන්න එපා.ලයිසන් කොන්දේසි බලාත්මක කරනවා – ඇමති නලින්දගෙන් රතු එළි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සියලුම රූපවාහිනී නාලිකා සඳහා බලපත්‍රය ලබා දී...

මඟින් 239 දෙනෙකු සමඟ අතුරුදන් වූ MH370 ගුවන් යානය සෙවීමේ කටයුතු වසර 11කට පසු නැවත අරඹයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 29: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ගුවන් ගමන්...

මාලිමාව කොළඹ මහ නගරසභාවේ අයවැය ජය තහවුරු කරගනී ?

ජාතික ජන බලවේගය කොළඹ මහ නගරසභාවේ අයවැය සම්මත කරගැනීම...

දේශීය කෘෂි කර්මාන්තය වෙනුවෙන් කැපවෙන නිහඬ මිනිසා “ඇලෙක්ස්”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW: දේශීය කෘෂි කර්මාන්තයේ විවිධ...