හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට ලබාදුන් අවසාන කාලය අදින් නිමා වේ

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් මස 06; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට ලබාදුන් අවසාන කාලය අද(06) දිනයෙන් නිමා වේ.

ජනාධිපති ට්‍රම්ප් අවස්ථා කිහිපයකදී හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කරන ලෙස ඉරානයට අනතුරු ඇඟවීම් කළ අතර පසුගියදා ඉරාන රජයේ ඉල්ලීම මත යයි පවසමින් මාර්තු 26 වන දින ඉරානයට දින 10 ක කාල සීමාවක් ලබා දී තිබූ අතර, අප්‍රේල් 6 වන දින දක්වා එය දීර්ඝ කරන ලදී.

ඊයේ(05) දිනයේදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍යවල අපහාසාත්මක සටහනක් එක් කරමින් සඳහන් කර තිබුණේ, හෝමූස් සමුද්‍ර සන්ධිය සියලු නැව්ගත කිරීම් සඳහා නැවත විවෘත කිරීම සඳහා දුන් අවසන් දිනය සපුරාලීමට අපොහොසත් වුවහොත් ඉරානයේ බලාගාර සහ පාලම් විනාශ කරන බවත්, ඉරානය නිරයක් බවට පත් කරන බවත්ය.

ඉරානය ඔහුගේ අවසාන නිවේදනය සමච්චලයට ලක් කරමින් එය අසරණ, නොසන්සුන් සහ මෝඩ ලෙස ප්‍රතික්ෂේප කර ඇති අතර ඉරානය පවසන්නේ එහි යටිතල පහසුකම් වලට එල්ල වන ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිචාර දක්වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඥානසාර හාමුදුරුවන්ට කිසිම විශේෂයක් කර නැහැ. සිවුර ගැලවීම ගැන ඇමති නලින්ද කතා කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:බරපතල වැඩසහිතව සිර දඬුවමකට ලක්ව සිටින ගලගොඩඅත්තේ...

සලේ ගැන වෛද්‍ය කමිටුවේ නිර්දේශය එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර්...

කෙරවලපිටිය-කොළඹ වරාය දෙවන භූගත කේබල් ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙයිද?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ ,LNW : මෙරට දිගුකාලීන විදුලි...

සිවුරේ ලියැවී තිබූ දේ….

මහේෂ් හපුගොඩ භික්ෂුව සහ භික්ෂූ රූපය සම්බන්දයෙන් අපේ අධ්‍යාත්මයේ තියන...