26 හැවිරිදි තරුණයෙකුට ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමක්!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ (LNW):

අද (10) 26 හැවිරිදි තරුණයෙකුට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමක් නියම කළේය. මෙසේ සිරදඬුවමකට ලක්ව ඇත්තේ, බන්ධනාගාරයට රැගෙන ගිය ආහාර බඳුනක ව්‍යාජ පතුලක හෙරොයින් ග්‍රෑම් 25කට අධික ප්‍රමාණයක් සඟවා රැගෙන යාමේ චෝදනාවට වරදකරු කෙරුණු පුද්ගලයෙකි.

මෙම තීන්දුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් ලබා දුන් බව පැවසේ. 26 හැවිරිදි දේව රාජා ලෝරන්ස් නමැති අවිවාහක තරුණයකුට මෙසේ දඬුවම් නියම වූ බව පැවසේ.

2019 වසරේ දෙසැම්බර් මස 04 වනදා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි සිය මිත්‍රයෙකුට ආහාර රැගෙන ගිය බාල්දියේ ව්‍යාජ පතුලක හෙරොයින් ග්‍රෑම් 25.09ක් සඟවා බන්ධනාගාරය තුළට රැගෙන ගිය අවස්ථාවේදී බන්ධනාගාර බුද්ධි අංශය විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය. පසුව, හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනා යටතේ නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුට එරෙහිව නඩු පවරනු ලැබීය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විනිසුරුවරයා තීන්දු කළේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කළ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ කර තිබෙන බවය. 

පසුව දේව රාජා ලෝරන්ස් නමැති පුද්ගලයාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරන බවට විනිසුරුවරයා නියෝග කළ බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ හින්දු කෝවිලක තෙරපීමක් හේතුවෙන් හය දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජුලි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු ඉන්දියාවේ උත්තරාකන්ඩ්...

විවිධ දූෂිත ආකල්ප මිනිස් සමාජයට ගලාඑමින් පවතිනවා – අතිඋතුම් කාදිනල් හිමිපාණන්

රෂිකා හෙන්නායක ජූලි 27,කොළඹ LNW : බේරුවල ශාන්ත ආනා දේවස්ථානයේ...

මොකා මොන විවේචන කළත් ජනාධිපතිතුමාට ඔයිටත් වඩා දැවැන්ත ආරක්ෂාවක් ඕනෑ. හෙලිකොප්ටරෙනුත් යන්න ඕනෑ – ඇමති ලාල්කාන්ත

සටහන - රුවන් නෙළුගොල්ල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරක්ෂාව...

නව අගවිනිසුරු දිවුරුම් දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල නව අගවිනිසුරුවරයා වශයෙන් ප්‍රීති පද්මන් සූරසේන...