මැක්ස් ට යන්න වෙයි…?

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 10 ,(LNW)කොළඹ :

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ජාතික ඔලිම්පික් කමිටු සබඳතා සහ සහයෝගිතා පිළිබඳ අධ්‍යක්ෂ ජෙම්ස් මැක්ලියොඩ් වෙත නීතිපතිවරයාගේ අනුමැතිය ඇතිව ලිපියක් ලියන ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ,ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා ඉවත් කිරීමේ අවශ්‍යතාවය පැහැදිලි කර ඇත.
අමාත්‍යවරයා විසින් මේ සම්බන්ධයෙන් ආසියානු ඔලිම්පික් කමිටුවේ අධ්‍යක්ෂ ජෙනරාල් හුසේන් අල් මුසලම් ද දැනුවත් කර තිබෙන බව වාර්තා වෙනවා.


ක්‍රීඩා අමාත්‍යවරයා විසින් මෙම පියවර ගෙන ඇත්තේ ක්‍රීඩා සංගම් 32ක් සහ ඒ ආශ්‍රිතව ක්‍රීඩාවේ නියැලෙන ක්‍රීඩක ක්‍රීඩකාවන් දාහකට වැඩි පිරිසකගේ ආරක්ෂාව සහ අභිවෘද්ධිය පිණිස බව ද පෙන්වා දී ඇත.
කරන ලද පරීක්ෂණ අනුව ආචාර ධාර්මික කමිටුව මැක්ස්වෙල් ද සිල්වා ඉවත්විය යුතු බව තහවුරු කර තිබිණ.එසේම වංචා හා දූෂණ සම්බන්ධයෙන් රටේ නීති අංශ වෙත ඔහු සම්බන්ධයෙන් විවිධ චෝදනා ද යොමු වී තිබිණ.එවැනි තත්ත්වයක වගකීම්වලින් ඉවත් වී සිය නිදොස්බව පෙන්නා නිදහස් වීම මහත්මාකම වුව ද,මැක්ස්වෙල් උත්සාහ කළේ විධායක සභාවේ බහුතරය පෙන්වමින් බලයේ රැඳී සිටින්නටය.


විධායක සභාවේ ඇතැම් පිරිස්වලට ද චෝදනා එල්ල වී ඇති අතර මැක්ස්වෙල් ඉවත් කිරීමෙන් පසුව එම පිරිසද අනාරක්ෂිත වෙන නිසා ඔවුන් ලේකම්වරයා රැක ගැනීමට කටයුතු කරන බව බොහෝ දෙනෙකුගේ අදහස විය.


එහෙත් මෙම වැදගත් තීරණය ගැනීමෙන් ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව ජාත්‍යන්තරය ඉදිරියේ තහනම් වීමට ඇති සම්පූර්ණ ඉඩ වැසී යන්නේ නැත.මැක්ස්වෙල් සම්බන්ධයෙන් එල්ල වී ඇති සියලු චෝදනා පරික්ෂා කර වහාම ඔහු වරදකරුවෙක් ද,නිවැරදිකරුවෙක්ද යන බව ද තහවුරු කිරීම අත්‍යවශ්‍යය වන්නේය.එසේම චෝදනා එල්ල වී ඇති සියල්ලම සම්බන්ධයෙන් පරික්ෂා කර නීතිමය විසඳුමක් ලබා ගෙන එළැඹෙන ඔලිම්පික් නිලවරණය වෙත නිදොස් පිරිසකට පමණක් ඉදිරිපත් විය හැකි වාතාවරණයක් සැකසීම වැදගත් වනු ඇත.


අප මේ ඉවත්කිරීමේ අවශ්‍යයතාවය මෙන්ම අමාත්‍ය බලතල අනුව නොවන, රටේ නීතිමය තීරණයක් ලෙස පෙරට පැමිණිය යුතු බවත් අවස්ථා ගණනාවකදී පැහැදිළි කළ අතර එසේම ක්‍රීඩාව ද ක්ලින් ශ්‍රී ලංකා යටතේ වෙනස් කිරීමේදී මෙම කාරණය ඇතුළුව අවධානය යොමු කළ යුතු කාරණා ගණනාවක් පිළිබදවද අපි අවධානය යොමු කළෙමු.
https://sinhala.lankanewsweb.net/01/09/148259/

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්අඩංගුවට ගත් ජපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් තිදෙනා රිමාන්ඩ් !

වැඩි මිලට ශල්‍ය උපකරණ විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත් අඩංගුවට...

ඩුප්ලෙන්ටිස්ගේ පියාඹණ උස තවත් ඉහළට

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: සර්ජි බුබ්කා රිටි පැනීමේ...

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...