මියන්මාර හමුදාව විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරයක් හේතුවෙන් පුද්ගලයන් 40 දෙනෙකු ජිවිතක්ෂයට

0
459

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 10; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : මියන්මාර හමුදාව විසින් රඛයින් ප්‍රාන්තයේ රම්රී දූපතේ ක්‍යෝක් නි මාව් ගම්මානයට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයක් හේතුවෙන් අවම වශයෙන් කාන්තාවන් හා දරුවන්ද ඇතුළුව සිවිල් වැසියන් 40 දෙනෙකු පමණ මියගොස් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ගුවන් ප්‍රහාර හේතුවෙන් නිවාස 500කට අධික ප්‍රමාණයක් දැවී විනාශව ඇති අතර 2021 පෙබරවාරි මාසයේදී අවුන් සාන් සුකීගේ තේරී පත් වූ රජය හමුදාව විසින් නෙරපා හැරීමෙන් පසු මියන්මාරය ප්‍රචණ්ඩත්වයට ගොදුරු වී ඇත.