කුඩා බිළිදෙකු කිරි සිරවී මිය ගිහින්: දෙමාපියන්ගෙන් රෝහලට චෝදනා!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ (LNW):

දින දොළහක් වයසැති බිළිදෙකුට ලබාදුන් මව් කිරි සිරවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ. ඒ හෝමාගම මූලික රෝහලේ නොමේරු ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී බව වාර්තා වේ.

රෝහල් කාර්ය මණ්ඩලය විසින් නොසැලකිලිමත් අයුරින් ලබා දුන් මව් කිරි හේතුවෙන් බිළිඳා මිය ගිය බව , බිළිඳාගේ දෙමාපියන් චෝදනා කරයි. මෙලෙස මියගොස් ඇත්තේ යුගාන් උදයංග නමැති දින දොළහක් වයසති බිළිදෙකි.

බිළිඳාගේ උපත අඩුබර උපතක් බැවින්, පසුගිය 27 දා කාසල් කාන්තා රෝහලේ දී උපත ලැබූ මෙම පිරිමි දරුවා වැඩිදුර ප්‍රතිකාර සදහා එදිනම හෝමාගම මූලික රෝහලට මාරු කර තිබූ බව වාර්තා වන අතර, පසුව එහි දින දොළහක් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 08 දා අලුයම දරුවාට කිරි දීම සඳහා මව බිළිඳා ළඟට ගිය අවස්ථාවේදී බිළිදා කිරි වමනය කොට ඇග සීතලව කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා සිටීම පිළිබඳව සැක සිතී ඒ පිළිබඳව දැනුවත් කිරීමට වාට්ටුවේ සේවය කළ කාර්ය මණ්ඩලය සොයා තිබේ.එහෙත් කිසිවකුත් සොයාගැනීමට නොහැකි වී ඇති අතර අනතුරුව තවදුරටත් සොයා බැලීමේදී රෝහල් කාර්ය මණ්ඩලයේ සියළු දෙනා නිදා සිටින අයුරු දැක ඔවුන්ට දැනුම් දී ඇති බව සඳහන් වේ.

පසුව බිලිඳා වෛද්‍යවරයාට යොමු කිරීමේදී පවසා ඇත්තේ කිරි පෙනහළුවලට ගොස් සිරවීමෙන් ජීවිතක්ෂයට ,පත්ව ඇති බවය. ඒ අනුව ඊයේ (09) දින බිලිඳාගේ මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම මූලික රෝහලේදී සිදු කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ මව් කිරි බිළිදාගේ පෙනහළුවල සිරවීමෙන් බිළිඳා මියගොස් ඇති බවය.

මෙවැනි සිදුවීමක් තවදුරටත් සිදු නොවීමට බලධාරීන් වගකිය යුතු බවත්, මේ පිළිබඳ පූර්ණ විමර්ශනයක් සිදුකොට තමන්ට සාධාරණයක් ඉටුකර දෙන ලෙසත්, දෙමාපියන් මෙහෙිදී චෝදනා කරමින් පවසයි. එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධව බිළිඳාගේ මා පියන් හෝමාගම මූලස්ථාන පොලීසියටද පැමිණිලි කර ඇති බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධව තමන් වෙත පැමිණිල්ලක් ලද බවත් මේ සම්බන්ධව අපක්ෂපාතීව පරීක්ෂණයක් සිදුකර සාධාරණයක් ඉටු කිරීමට බලාපොරොත්තු වන බව , මේ සම්බන්ධව රෝහලේ ප්‍රධාන වෛද්‍ය අධිකාරී විශේෂඥ වෛද්‍ය එරංගා රාජපක්ෂ මහත්මිය අදහස් දක්වමින් පවසා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විකෘති ප්‍රවෘත්ති පළකරන්න ලෑස්ති වෙන්න එපා.ලයිසන් කොන්දේසි බලාත්මක කරනවා – ඇමති නලින්දගෙන් රතු එළි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සියලුම රූපවාහිනී නාලිකා සඳහා බලපත්‍රය ලබා දී...

මඟින් 239 දෙනෙකු සමඟ අතුරුදන් වූ MH370 ගුවන් යානය සෙවීමේ කටයුතු වසර 11කට පසු නැවත අරඹයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 29: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ගුවන් ගමන්...

මාලිමාව කොළඹ මහ නගරසභාවේ අයවැය ජය තහවුරු කරගනී ?

ජාතික ජන බලවේගය කොළඹ මහ නගරසභාවේ අයවැය සම්මත කරගැනීම...

දේශීය කෘෂි කර්මාන්තය වෙනුවෙන් කැපවෙන නිහඬ මිනිසා “ඇලෙක්ස්”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW: දේශීය කෘෂි කර්මාන්තයේ විවිධ...