ගිය වසරේදී දිනකට එකෙකු බැගින් වනඅලි මිය ගිහින් !

Date:

පෙර වසරට සාපේක්ෂව 2021 වසරේදී අලි-මිනිස් ගැටුම් හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව මෙන්ම මියගිය වනඅලි සංඛ්‍යාවද ඉහළ ගොස් තිබෙනවා.

වනජීවි දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛනවලට අනුව 2020 වසරේදී අලි-මිනිස් ගැටුම් හේතුවෙන් පුද්ගලයන් 112 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර 2021 වසරේදී එම ප්‍රමාණය 141 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

2020 වසරේදී වනඅලි 327 ක් මියගොස් ඇති අතර 2021 වසරේදී එම ප්‍රමාණය 369 ක් දක්වා ඉහළ ගොස් තිබේ. දෛනිකව අවම වශයෙන් එක් සත්වයෙකුගේ හෝ ජීවිතය අහිමි වී ඇත.

පසුගිය වසරේදී වනඅලි වැඩි ප්‍රමාණයක් මියගොස් තිබෙන්නේ හක්කපටස් හේතුවෙන් වන අතර එම ප්‍රමාණය 68 කි. ඊට අමතරව විදුලිසැර වැදීම හේතුවෙන් 65 ක්, වෙඩි තැබීම් හේතුවෙන් 45 ක්, විෂ ශරීරගත වීම හේතුවෙන් 04 ක් වශයෙන් වනඅලි මියගොස් තිබේ.

වාර්ෂිකව සිදුවන වනඅලි මරණ බහුතරයකට හේතුව මිනිස් ක්‍රියාකාරකම් බව පෙන්වා දෙන වනජීවී දෙපාර්තමේන්තුව පවසන්නේ වසරින් වසර අහිමි වන වනඅලි ප්‍රමාණය ඉහළ යමින් තිබෙන බවයි. ක්‍රමයෙන් ජනගහනය වර්ධනය වීමත් සමග වනඅලින්ගේ වාසභූමි ක්ෂය වෙමින් තිබෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස වනඅලි නිරන්තරයෙන් මිනිස් වාසභූමි වෙත කඩාවදිමින් සිටී.

මෙම ගැටලුව සඳහා නිශ්චිත විසඳුම් යෙදීමට අසමත් වීම හේතුවෙන් දිනෙන් දිනම අලි-මිනිස් ගැටුම් ඉහළ යන අතර ඉතා වේගයෙන් රටේ අලි සම්පත ක්ෂයවෙමින් තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුඩා හා මධ්‍ය පරිමාණ (SME) ව්‍යවසායක ජාලය දැඩි අර්බුදයක!

කොළඹ LNW:දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට පනස් දෙකකට (52%) දායක...

සමන් ඒකනායක යළි රිමාන්ඩ්!

කොළඹ LNW:හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක පෙබරවාරි මස 18...

දිනපතා ඇගට දැනෙන රස්නය ගැන මෙහෙමත් රස්නෙ දැනෙන කතාවක්!

ආශිකා බ්‍රාහ්මණ මෙතනින් අහන්න මෙතනින් බලන්න https://www.youtube.com/watch?v=b7sgj_K0xak කොළඹ LNW:මේ දිනවල පවතින කාලගුණික තත්ත්වය...

ඩිමෙන්ශියා රෝගී අවදානම 25% කින් පමණ අඩු කළ හැකි නව මඟක්..

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී කරන ලද...