“1952 දී අත්සන් කල රබර් – සහල් ගිවිසුමෙන් පසුව ලංකා​වේ කුළුපග මිතුරෙක් වශයෙන් මහජන චීනය ඉදිරියටත් අවශ්‍ය සහය සහ සහයෝගය නොඅඩුවම ලබාදෙනවා”..! – වෑන්ග් යී

Date:

දෙදින සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිනි ලොව බලගතු රාජ්‍යයක් වන චීන ජනරජයේ රාජ්‍ය සබා නියෝජිත සහ විදේශ ඇමති වෑන්ග් යී මහතා⁣ කෙන්යාව, එරිත්‍රියාව සහ මාලදිවයිනේ සංචාරයන් නිම කරමින් ලංකාවට පැමිනීම ලොව කා⁣ගෙත් අවධානය දිනාගත් අවස්ථාවක්.. මානව හිමිකමි කමිටුවෙදී පවා ලංකාව වෙනුවෙන් හඬ නගන චීනය පසුගිය වසර 70 තුලදී ලංකාවට වැඩියෙන්ම උදවිකල රට​වේ..

මෙම කෙටි සංචාරයේදී හෙතෙම ශ්‍රී ලංකාව සහ චීනය සමග 2014 දී අත්සන් කිරීමට නියමිතවූ චීන ලංකා නිදහස් වෙළද ගිවිසුම නැවත අත්සන් කිරීමට පියවර ගන්නා ලෙස ලංකාවෙන් ඉල්ලා සිටි අතර එමගින් ලංකාවට බිලියන 1.4 ක ආදායමක් අත්වන බවත්, භූ දේශපාලනය නිසා ලංකාව භාණ්ඩ බෙදා හැරීමෙි ප්‍රමුඛ මධ්‍යස්ථානයක් (HUB )වන බවත් පැවසීය…..

හයවරක් රටවල් දෙක අතර සාකචිඦා කරලත් මෙම වෙළද ගිවිසුම අත්සන් නොකලේ එමගින් චීනය භාණ්ඩවලින් 90% කටම තීරැබදු නිදහස් කරන ලෙස ඉල්ලා සිටීමත්, එම ගිවිසුමත් දීර්ඝ කාලීනව පවත්න ලෙස අත්සන් කිරීමට ලංකාවෙන් කල ඉල්ලීමත් නිසාය. ලංකාව මෙම ගිවිසුම වසර දහයකින් නැවත නිරීක්ෂනය කර අත්සන් කල යුතුබව පැවසීම ගිවිසුම නැවතීමට හේතුවුන බව මම දනිමි.. මෙි ආකාරයේම ගිවිසුමක් සිංගප්පූරැව සමග 2018 දී පසුගිය රජය ගත් උත්සාහයත් අසාර්ථක විය..මෙවර චීනය සමග ගිවිසුමි හතරක් අත්සන් කල අතර අගමැති තුමන් චීනයේ අධ්‍යාපනය ලබන ලාංකික වෛද්‍ය සිසුන්ට ස්වකීය අධ්‍යාපන කටයුතු කරගැනීමට ඉඩ සලසන ලෙස කල ඉල්ලීම පිලිගත් අතර චීනය සහ ලංකාව අතර ජෛව බුබුලක් ඇතුලත චීන සංචාරකයන් එවීමටද එකඟවිය.

එලෙසින්ම ජනපති තුමන් ඉල්ලා සිටි චීනයෙන් ලබාදී ඇති ණය ප්‍රති ව්‍යුහගත කිරීමත්, චීනයෙන් ආනයනය කරන අමුද්‍රව්‍ය ඇතුළු අනෙකුත් භාණ්ඩ සදහා ණය සහනයක් ලබාදෙන ලෙස කල ඉල්ලීමත් ඉක්මනින් සලකා බලන බවද, ඒ අතරතුර ගෝඨාභය ජනපතිතුමන්ට ඉක්මනින්ම චීනයේ සංචාරයකට පැමිනෙන ලෙසද වෑන්ග් මහතා ඉතා ​ඕනෑකමින් ඉල්ලා සිටියේය..විදෙස් ඇමති තුමාගේ සංචාරයෙන් පසු ලැබෙන පහසුකමි..

1) වරාය නගරයට සහ හමිබන්තොට නිදහස් වෙළද කලාපයට නව ආයෝජන..

2) කොවිඩි පැතිරීම වැලැක්වීමට අවශ්‍ය සියළුම ආකාරයේ සහාය..

3) සංචාරක ව්‍යාපාරයට සහාය.

4) චීනයට අපනයනයන් වැඩි කිරීමෙ අවස්ථාව..

5) බෞද්ධ සංස්කෘතික කටයුතු දියුනු කිරීම.

6) ආනයනයන් සදහා ණය සහන ලබා ගැනීම..7) කවර ආකරයෙන් හෝ ලංකාව මූල්‍ය ගැටළුවකට පත්වුවහොත් සහන සැලසීම.

එක්සත් ජාතීන්ගේ සමුළුවෙිදී ලංකාව වෙනුවෙන් පූර්ණ සහාය ඉදිරියටත් ලබාදීම.. ඉදින් හිතවත් සබඳ ඔබ ලොව බලවතකු වශයෙන් මෙි පුංචි දිවයිනට දක්වන ලෙන්ගතු කම අප අගය කරන්නෙමු..

පරාක්‍රම බස්නායක Facebook

Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එජපෙටයි සමඟිටයි තවත් නම් දිනන්න බැහැ. අපි අලුත් වැඩක් හදනවා – චම්පික

කොළඹ LNW: සංවර්ධනය වෙන එමෙන්ම දුෂණය නැති රටක් වෙනුවෙන්...

උදය ගම්මන්පිලත් අත්අඩංගුවට ??

නීතීඥ අචලා සෙනවිරත්න විසින් කරන ලද පැමිණිල්ලක් අනුව හිටපු...

තැපැල් වර්ජනය:සේවක ඉල්ලීම් 19න් 17ක්ම දීලා. සේවයට වාර්තා කරන අයට ආරක්ෂාව සපයයි

කොළඹ LNW: තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ...

කළු සල්ලි ජාවාරමක් පිළිබඳව රනිල්ට එරෙහිව CIDයට පැමිණිල්ලක් ?

කොළඹ නෙළුම් කුලුනේ කැසිනෝ ශාලාවක් පවත්වාගෙන යාම සඳහා ඉන්දියානු...