පාසල් විවෘත වූවාට කොවිඩ් 19 හමුවේ දරුවන් අනාරක්ෂිතද? (VIDEO)

Date:

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් වසර දෙකකට ආසන්න කාලයක් සාමාන්‍ය පරිදි පාසල් විවෘත කිරීමට නොහැකි වූ අතර අද (10) දිනයේ සිට සම්පූර්ණයෙන්ම පාසල් විවෘත කිරීමට රජය කටයුතු කර තිබේ.

සෞඛ්‍ය උපදෙස් මත එය ක්‍රියාත්මක අතර පාසල් තුළද සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීමට අදාළ උපදෙස් හා නිර්දේශ ලබා දී ඇත.

කෙසේවෙතත් ඇතැම් වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ සෞඛ්‍ය උපදෙස් මත සම්පූර්ණයෙන්ම පාසල් විවෘත වුවද දරුවන් කොවිඩ් 19 හමුවේ ආරක්‍ෂිත නැති බවයි.

ඊට අදාළ පහසුකම් රජය විසින් සෑම දරුවෙකුටම ලබා දිය යුතු වුවත් අවම වශයෙන් ප්‍රමිතියෙන් යුතු මුව ආවරණයක් හෝ ලබා දීමට රජය අපොහොසත් වී ඇති බවයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසුවේ.

සෞඛ්‍ය අංශ විසින් එම නිර්දේශ මත පාසල් සියලුම ශ්‍රේණි සඳහා විවෘත කිරීමට ලබා දී ඇති තීරණය ගැන කිසිවක් ප්‍රකාශ කළ නොහැකි වුවත් අධ්‍යාපන බලධාරීන් විසින් ප්‍රමාද වී හෝ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාමර්ග විධිමත් ලෙස ගත යුතුව ඇති බවයි ඔහු අවධාරණය කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පකිස්ථානයේ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 320 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු පකිස්ථානය පුරා...

ආණ්ඩුවේ බොරු එළියට ගන්න මන්ත්‍රීවරු 300කට පවරලා!

කොළඹ LNW: ආණ්ඩුවේ බොරු එළියට ගෙන සමාජගත කිරීම සඳහා...

මලල ක්‍රීඩා නිලවරණය කල්දැමීම ගැන සහ සමස්ත ක්‍රීඩාවේ ගමන ගැන…

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: මලල ක්‍රීඩා සංගමය වෙනස් කිරීමේ...

අල්ලස් කොමිසමෙන් නඩු වැටෙන පළමු මාලිමා ඇමති – ඉංජිනේරු කුමාර ජයකොඩි

ජාතික ජන බලවේගයේ අමාත්‍යවරයෙකු එරෙහිව අල්ලස් නඩුවක්. 2015 වසරේ පොහොර...