”හෙට අනිද්දා මොනවා වෙයිද දන්නේ නැහැ. අදට නම් ප්‍රශ්නයක් නැහැ” – විදුලි කප්පාදුව ගැන ඇමතිගේ කතාව

Date:

දැනට විදුලි කප්පාදුවක් නොකරන නමුත් හෙට අනිද්දා වෙන විට කුමක් වනු ඇත්ද යන්න නොදන්නා බව විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසුවේය.

ඒ, අද (10) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

හදිසි ප්‍රශ්නයක් මතුවුවහොත් ඒ සඳහා සූදානම් වීමට විදුලි බල මණ්ඩලය සැලසුමක් සකස් කර තිබෙන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

”ඊයේ පෙරේදත් කපනවා කිව්වා. නමුත් අපිට පැයක්වත් කපන්න වුණේ නැහැ. නමුත් විදුලි බල මණ්ඩලය සැලසුමක් හදල තියෙනවා හදිස්සියේ හරි ප්‍රශ්නයක් වුණොත් කොහොමද කටයුතු කරන්නේ කියල. මේ රටේ ජනතාවට විදුලිය දීමේ මේ මොහොත වෙනකොට අපට කිසිම ගැටළුවක් නැහැ කියන එක මට කියන්න පුළුවන්. අද පත්තර ගණනාවක තියෙනවා පවර් කට් එකක් එනවා කියල. එහෙම පවර් කට් එකක් අපි එනවුන්ස් කරලත් නැහැ. අපි කරනවා නම් ජනතාවට හොඳට දැනුවත් කරලා කරන්නේ. එහෙම නැතුව හරියට මේ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති නායකයෙක් හැමදාම උදේ නැගිටලා තෙල් එන්නේ නෑ, තෙල් එන්නේ නෑ කියනවා. තෙල් ලැබීමේ කිසි අඩුවක් වුණේ නැහැ.”

විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගීතා කොමිසමද අනුමැතිය දී තිබුණේ ඒ සඳහා කළ ඉල්ලීමක් අනුවද යන්න මෙහිදී මාධ්‍යවේදියෙකු අමාත්‍යවරයාගෙන් විමසූ අතර ඊට පිළිතුරු දෙමින් ලොකුගේ මහතා පැවසුවේ අමාත්‍යාංශය සහ විදුලි බල මණ්ඩලය සූදානම් වන්නේ හදිසි ප්‍රශ්නයක් වුණොත් ඊට මුහුණ දීමට බවයි.

කෙසේවෙතත් දැනට කිසිදු විදුලි කප්පාදුවක් සිදුනොවන බව හෙතෙම කියා සිටියේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනය ලෝකයට තවදුරටත් විවෘත වීමට සූදානම් – චීන ජනපති!

කොළඹ LNW:2026 නව වසර උදා වීම නිමිත්තෙන් චීන ජනාධිපති...

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...