ලොකුගේ කපන්නැතැයි දිවුරා කියද්දී ලයිට් කපන කාලසටහනත් නිකුත් වෙයි !

විදුලිය කප්පාදු කිරීමට අදාලව කාලසටහනක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව සමස්ත දිවයිනම කොටස් හතරකට බෙදා මෙම විදුලි විසන්ධි කිරීම ක්‍රියාත්මක වේ.

පස්වරු 5.30 සිට රාත්‍රී 9.30 දක්වා පැයක කාලයක් බැගින් විදුලිය විසන්ධි කිරීමට සැළසුම් කර ඇති අතර මීට පෙර දහවල් කාලයේදීද විදුලිය විසන්ධි කිරීමට සැළසුම් කර තිබූ නමුත් එය අත්හිටුවා තිබෙනවා.

විදුලිය විසන්ධි කිරීමට අදාල කාලසටහනක් නිකුත් කර තිබෙන්නේ, විදුලිබල ඇමතිවරයා විසින්, විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බවට මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබියදීය.

ඉරිදා දිනය හැර සෙසු දින හයේදීම මෙම විදුලි විසන්ධි කිරීම සිදු කෙරේ. කෙසේ නමුත් විදුලි විසන්ධි කිරීම ආරම්භ කරන දිනයක් මේ දක්වා ප්‍රකාශයට පත්කර නොමැත.

විදුලි කප්පාදු කාල සටහන

UN