*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

යුද හමුදාවට රත්මලානෙදිත් පනාගොඩ ඉරණමමයි

නිපොන් ජාතික රගර් ලීග් සූරතාවලියේ යුද හමුදාව සහ හැව්ලොක්ස් කණ්ඩායම අතර තරගයේ ප්‍රථම භාගය පනාගොඩ දී අත හැර දමා දෙවන අර්ධයට රත්මලානට ගෙන ආ අතර එහිදී ද ප්‍රථම භාගයේ ලද වාසිය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන ගිය හැව්ලොක්ස් ක්‍රීඩකයෝ ලකුණු 31 – 15 ක් සේ තරගය ජය ගැනීමට සමත් විය.


ලකුණු පූවරුවේ පෙණුමට හැව්ලොක්ස් කණ්ඩායම පහසු ජයක් ලැබූ බව පෙණුනද හමුදා සොල්දාදුවන් හොඳ තරගයක් ලබා දීමට සමත් විය.ලකුණු 17 – 8 ක් සේ පළමු අර්ධයේ වාසිය සමඟ තරගයට පිවිසි හැව්ලොක්ස් ක්‍රිඩකයින් දෙවන අර්ධයේදී උත්සාහක දිණුම් දෙකක් සහ ප්‍රවර්ථන දෙකකින් තවත් ලකුණු 14 ක් එකතු කර ගනිද්දී යුද හමුදා ක්‍රීඩකයින්ට ලබා ගත හැකි වූයේ එක් උත්සාහක දිණුමක් සහ එහි ප්‍රවර්ථනය පමණි.


යුද හමුදා ක්‍රීඩකයින් හැව්ලොක්ස් ආරක්ෂක බල මුළු බිඳ උත්සාහක දිණුම් සීමාවට අවස්ථා කිහිපයකදීම පැමිණියත් එහි අවසාන තත්පරයට අවශ්‍යය සංයමය සහ සාමුහික ක්‍රියාකාරීත්වය අහිමිව පසු බැස්සේය.උවමානාම මොහොත කළමණාකරනය කර ගැනීමට නොහැකි දුර්වලකම වෙනුවට උවමනාවට වඩා ආවේගශීලී වීමේ තත්ත්වයන් යුද හමුදාවෙන් දකින්නට ලැබුණු අතර ශරීර ශක්තිය රගර් ක්‍රීඩාවේදී අත්‍යවශ්‍යයම සාධකයක් වුව එය මනාව පාලනය කර ගැනීමට අවශ්‍යය මානසික පසුබිම ජයග්‍රහණයේ පදනමයි යන්න යුද හමුදා ක්‍රීඩකයන් අවබෝධ කරගෙන සිටියේනම් මෙම තරගයේ තීරණය වෙනස් වන්නට තිබිණ.
තරගයේදී ක්‍රීඩාවේ තිබිය යුතු වෘත්තීයමය ලක්ෂණ වැඩියෙන් තිබූ හැවිලොක්ස් කණ්ඩායම ජයග්‍රහණය කළ බව කීම වඩාත් සාධාරණය.නමුත් වේගයට වඩා ආවේගය තිබුණු තරගයක් වූ මේ තරගය තව දුරටත් ක්‍රීඩාශීලී අවසානයක් කරා පැමිණියේනම් යහපත් වන්නට තිබිණ.නමුත් තරගය සජවී ව ගත් විට ප්‍රෙක්ෂකයාට දැනෙන මට්ටමේ තරගකාරීත්වයකින් පවත්වා ගෙන යන්නට දෙපිළේම ක්‍රීඩකයෝ සමත් වූහ.



RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan